2015 ගෙවී ගිහින්. ගෙවුණා වූ සාර්ථක වසරක අත්දැකීමද සමගඟ ලබන්නාවූ ඊටත් සාර්ථක 2016 වසරට විශ්වයේ උපරිම ආශීර්වාදය ප්‍රාර්ථනා කරන ගමන් අද මා ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ අපගේ ජීවිත තුළට සෞභාග්‍ය කැන්දන අපූර්ව මැණික් බලයේ තවත් දිගහැරුමක්.
ලෝකයේ මූලද්‍රව්‍ය එකසිය අටේ යම් යම් සංයෝජනයන් හේතු කොටගෙන හටගන්නා පදාර්ථ තුළ ඇතිවෙන විශ්වයේ අපූර්ව මූලද්‍රව්‍ය සංයෝජනය තමයි අපි මැණික් ලෙස හඳුන්වන්නෙ. දිලිසීම, දෘඪතාව, විශිෂ්ට ගුරුත්වය, වර්තනාංකය, ක්‍රිස්ටල් ස්වභාවය, රසායනික ස්වභාවය ආදිය සලකා බලා අපි මේ මැණික් නිල්, රතු, පුෂ්පරාග, පද්මරාග, මරකත, වෛරෝඩි, ගෝමේද, දියමන්ති වැනි ආකාරයෙන් වර්ග කරගනු ලබනවාග
එතැනිනුත් එහාට කොන්ටම් භෞතික විද්‍යාව ආධාර කරගෙන මෙම මැණික් තුළින් ලැඛෙන විශ්ව ශක්ති ආකර්ෂණය සොයා ගන්නවා. ඒ වගේම හෙළ වෙදකම තුළ ඇති නාඩි විද්‍යාව ආධාරයෙන් මේ විශ්ව කිරණ සම්බන්ධ වන අපගේ ශරීරය තුළ ඇති ශක්ති කේන්ද්‍ර නොහොත් චක්රා පිළිබඳ අවබෝධයක් ලබාගන්නවා. ඒ වගේම මනුෂ්‍යයෙක් උපන් මොහොතේ පටන් උපන් දිනය සහ වේලාව, උපන් ස්ථානය අනුව මේ විශ්ව ශක්තිය එම ජීවියාට සම්බන්ධ වී ඇති ආකාරය සහ එම විශ්ව ශක්තියේ මෙහෙයැවීමෙන් ජීවියාගේ දෛවය ගලා යන ආකාරය අපි ජ්‍යොතිෂ විද්‍යාව ආධාරයෙන් සොයා ගන්නවා.
ඉතින් අපි මෙතරම් කරුණු කාරණා සොයාගෙන තිඛෙන්නෙ දෛවයට ඉඩදී ජීවිතය ගලා යෑමට සැලැස්වීමට නම් නොවෙයි.
මේ සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් තමයි මනසින් උසස් සත්ත්වයා ලෙස හැඳින්වෙන මිනිසා දෛවය ජයග්‍රහණය කරන සූක්ෂම ක්රමෝපායන් සොයාගත්තෙ.
මේ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ජීවිතයට සෞභාග්‍ය කැන්දන මැණික් වර්ග කිහිපයක් තමයි මේ
ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය ලෙස සැලකෙන නිල් මැණික්, සෙනසුරු ග්‍රහයා සමග සම්බන්ධ වෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් යන රසායනික ස්වභාවයෙන් සැදුම් ලත් නිල් මැණික් හා නිල් ආරුනූල් කේන්දරයක් සමග ගැලපීමෙන් පැලඳීම තුළ ඉතා විශිෂ්ට ව්‍යාපාරික දියුණුවක් සහ ප්‍රසිද්ධියක් ලබාගත හැකියි. ඒ වගේම තමයි පුෂ්පරාග කියල කියන්නෙත්. ධන වාසනාවට හිමිකම් කියන මැණික් වර්ගයක්. එයත් සෑදී තිඛෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන රසායනික ස්වභාවයෙන්. ඉන්දියානුවන් ඉතාමත් ආදරය කරන සහ ඇලුම් කරන මැණික් වර්ගයක් වන පුෂ්පරාග පැලඳීම තුළ පලඳින්නන් ධනයෙන් පොහොසක් වන බව ඉන්දියාව තුළ මුල්බැසගෙන තිඛෙන විශ්වාසයක්. බ්‍රහස්පති ග්‍රහයා සම සම්බන්ධ වන පුෂ්පරාග ගුරු දශා කාලයේ පැලඳීම තුළ ඉතා සුබ පල ලබාදීමට කටයුතු කරනවා.
පද්මරාග මැණික මැණික් අතර ඉතා ප්‍රධාන තැනක් ගන්නවා. නායකත්වය, දේශපාලනය, නීති ක්ෂේත්රය සහ රැකියාවල උසස්වීම් ඉතා සාර්ථක කඩඉමක් කරා ගෙනයෑමට පද්මරාග මැණික් පැලඳීම තුළ හැකියාව තිඛෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රබලම ග්‍රහයා වන සූර්යයාගේ බලය රැඳි පද්මරාග ශ්‍රී විෂ්ණු දෙවියන්ගේද ප්‍රියතම මාණික්‍ය ලෙස හැඳින්වෙනවා. කොරුන්ඩම් කුලයේම මැණික් වර්ගයක් වන පද්මරාග මැණික්ද සෑදී තිඛෙන්නෙ ඇලුමිනියම් ඔක්සයිඩ්වලින්.
රතු හෝ රෝස වර්ණය සමගඟමිශ්ර වී ඇති කහ හෝ තැඹිලි වර්ණය හේතුකොටගෙන පද්මරාගවලට ආවේණික තැඹිලි වර්ණයට හුරු රෝස වර්ණය සෑදෙනවා. බොහෝ සතුරු කරදරවලින් ආරක්ෂා වී සාර්ථකව නැගී සිටීමට හැකි ශක්තියක් පද්මරාග පැලඳීම තුළ ඇතිවන්නක්. තම රැකියාවේ උසස්වීම් සහ ස්ථාවරභාවය ප්‍රාර්ථනා කරන ඔබට පද්මරාග පැලඳීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල මෙන්ම ධනවත් ආර්ථික පසුබිමකටද මාවත විවර කරගන්න පුළුවන්. රතු මැණික් හෙවත් රූබි මැණික්ද අයිති වෙන්නෙ ඉහත මැණික් වගේම කොරුන්ඩම් මැණික් පවුලටයි. ඇලුමිනියම් ඔක්සයිඩ්වලින් සෑදුණු රතු මැණික් රෝස පැහැයේ සිට ලේවල තද රතු පැහැය දක්වා වර්ණ කාණ්ඩ රාශියක් තිඛෙන රූබි මැණික්වල රතු වර්ණය ක්‍රෝමියම් කියන සංඝටකය නිසා ඇතිවෙන දෙයක්.
කුජ හෙවත් අගහරු එනම් සෞරග්‍රහ මණ්ඩලයේ සෙන්පතියා නියෝජනය කරන රතු මැණික් ආරක්ෂක අංශයේ රැකියාවන්ගේ නියුතු අයට ඉතා ගැළපෙන මැණික් වර්ගයක්. මේෂ ලග්න හිමියන්ට රතු මැණික් පැලඳීම තුළ තම ජීවිතයේ සෞභාග්‍යය දොරටු විවර වෙන බවත් කිව යුතුයි.
බුධ ග්‍රහයා නියෝජනය කරන මැණික් වර්ගය වන මරකත පච්ච එමරල්ඩ් මැණික් ව්‍යාපාරිකයන්ට පැලඳීමට ඉතා සුදුසු මැණික් වර්ගයක්. ඛෙරිලියම් ඇලුමිනියම් සිලිකේට් යන රසායනික සංයුතියෙන් සෑදී ඇති ඛෙරිල් කුලයේ මැණික් වර්ගයක් වන එමරල්ඩ් දෘඪතාව 7.5ක් වෙනවා. ආදරයේ මැණික ලෙසද හඳුන්වන එමරල්ඩ් පැලඳීම තුළ ධනය, බලය මෙන්ම ජනතා ආකර්ෂණයද ඉතා සාර්ථකව ලබාගත හැකියි.
බොහෝ සාර්ථක ඉන්දීය නළු නිළියන් මෙන්ම ධන කුවේරයන්ද ඉතා ආසාවෙන් සහ ගෞරවයෙන් තම දකුණු අත සුලැගිල්ලේ එමරල්ඩ් මැණික් ගලක් පළඳිනු අපි බොහෝ විට දැක තිඛෙනවා. එමරල්ඩ් පැලඳීම තුළ තම ව්‍යාපාරවල ගනුදෙනුකරුවන් ඉතා සීඝ්රයෙන් වැඩිවන අතර පවුල් ජීවිතයද ඉතා පී‍්‍රතිමත් වන බව සත්‍යයක්.
ව්‍යාපාරික මහත්වරුන්ට මෙන්ම කලා ක්ෂේත්රයේ නියැළී සිටින්නවුන්ටත් ඉතා යෝග්‍ය අනෙක් මැණික් වර්ගය තමයි දියමන්ති.
දෘඪතාව 10ක් වන දියමන්ති කාබන් යන රසායනික ස්වභාවයෙන් සෑදී තිඛෙනවා. බොහෝ ධනවතුන් දියමන්තිවලට ආදරය කරන්නෙ එහි ඇති ආර්ථිකමය වටිනාකම වගේම දියමන්ති පැලඳීම තුළ තම ජීවිත ධනයෙන් සහ බලයෙන් සරු වන රහසද දන්නා නිසාවෙනි.
දියමන්ති පැලඳීමේදී පිරිසිදු දියමන්තියක්ම තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතු අතර කිසි විටෙකත් දියමන්ති සමට ස්පර්ශවීමට ඉඩ නොතබා තම ආභරණ සකසා ගැනීමටත් කටයුතු කළ යුතුයි.
ලෝකයේ මූලද්‍රව්‍ය එකසිය අටේ යම් යම් සංයෝජනයන් හේතු කොටගෙන හටගන්නා පදාර්ථ තුළ ඇතිවෙන විශ්වයේ අපූර්ව මූලද්‍රව්‍ය සංයෝජනය තමයි අපි මැණික් ලෙස හඳුන්වන්නෙ. දිලිසීම, දෘඪතාව, විශිෂ්ට ගුරුත්වය, වර්තනාංකය, ක්‍රිස්ටල් ස්වභාවය, රසායනික ස්වභාවය ආදිය සලකා බලා අපි මේ මැණික් නිල්, රතු, පුෂ්පරාග, පද්මරාග, මරකත, වෛරෝඩි, ගෝමේද, දියමන්ති වැනි ආකාරයෙන් වර්ග කරගනු ලබනවාගඑතැනිනුත් එහාට කොන්ටම් භෞතික විද්‍යාව ආධාර කරගෙන මෙම මැණික් තුළින් ලැඛෙන විශ්ව ශක්ති ආකර්ෂණය සොයා ගන්නවා. ඒ වගේම හෙළ වෙදකම තුළ ඇති නාඩි විද්‍යාව ආධාරයෙන් මේ විශ්ව කිරණ සම්බන්ධ වන අපගේ ශරීරය තුළ ඇති ශක්ති කේන්ද්‍ර නොහොත් චක්රා පිළිබඳ අවබෝධයක් ලබාගන්නවා. ඒ වගේම මනුෂ්‍යයෙක් උපන් මොහොතේ පටන් උපන් දිනය සහ වේලාව, උපන් ස්ථානය අනුව මේ විශ්ව ශක්තිය එම ජීවියාට සම්බන්ධ වී ඇති ආකාරය සහ එම විශ්ව ශක්තියේ මෙහෙයැවීමෙන් ජීවියාගේ දෛවය ගලා යන ආකාරය අපි ජ්‍යොතිෂ විද්‍යාව ආධාරයෙන් සොයා ගන්නවා.
ඉතින් අපි මෙතරම් කරුණු කාරණා සොයාගෙන තිඛෙන්නෙ දෛවයට ඉඩදී ජීවිතය ගලා යෑමට සැලැස්වීමට නම් නොවෙයි.
මේ සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් තමයි මනසින් උසස් සත්ත්වයා ලෙස හැඳින්වෙන මිනිසා දෛවය ජයග්‍රහණය කරන සූක්ෂම ක්රමෝපායන් සොයාගත්තෙ.
මේ ක්‍රමවේදයන් උපයෝගී කරගෙන ජීවිතයට සෞභාග්‍ය කැන්දන මැණික් වර්ග කිහිපයක් තමයි මේ
ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය ලෙස සැලකෙන නිල් මැණික්, සෙනසුරු ග්‍රහයා සමග සම්බන්ධ වෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් යන රසායනික ස්වභාවයෙන් සැදුම් ලත් නිල් මැණික් හා නිල් ආරුනූල් කේන්දරයක් සමග ගැලපීමෙන් පැලඳීම තුළ ඉතා විශිෂ්ට ව්‍යාපාරික දියුණුවක් සහ ප්‍රසිද්ධියක් ලබාගත හැකියි. ඒ වගේම තමයි පුෂ්පරාග කියල කියන්නෙත්. ධන වාසනාවට හිමිකම් කියන මැණික් වර්ගයක්. එයත් සෑදී තිඛෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන රසායනික ස්වභාවයෙන්. ඉන්දියානුවන් ඉතාමත් ආදරය කරන සහ ඇලුම් කරන මැණික් වර්ගයක් වන පුෂ්පරාග පැලඳීම තුළ පලඳින්නන් ධනයෙන් පොහොසක් වන බව ඉන්දියාව තුළ මුල්බැසගෙන තිඛෙන විශ්වාසයක්. බ්‍රහස්පති ග්‍රහයා සම සම්බන්ධ වන පුෂ්පරාග ගුරු දශා කාලයේ පැලඳීම තුළ ඉතා සුබ පල ලබාදීමට කටයුතු කරනවා.
පද්මරාග මැණික මැණික් අතර ඉතා ප්‍රධාන තැනක් ගන්නවා. නායකත්වය, දේශපාලනය, නීති ක්ෂේත්රය සහ රැකියාවල උසස්වීම් ඉතා සාර්ථක කඩඉමක් කරා ගෙනයෑමට පද්මරාග මැණික් පැලඳීම තුළ හැකියාව තිඛෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රබලම ග්‍රහයා වන සූර්යයාගේ බලය රැඳි පද්මරාග ශ්‍රී විෂ්ණු දෙවියන්ගේද ප්‍රියතම මාණික්‍ය ලෙස හැඳින්වෙනවා. කොරුන්ඩම් කුලයේම මැණික් වර්ගයක් වන පද්මරාග මැණික්ද සෑදී තිඛෙන්නෙ ඇලුමිනියම් ඔක්සයිඩ්වලින්.
රතු හෝ රෝස වර්ණය සමගඟමිශ්ර වී ඇති කහ හෝ තැඹිලි වර්ණය හේතුකොටගෙන පද්මරාගවලට ආවේණික තැඹිලි වර්ණයට හුරු රෝස වර්ණය සෑදෙනවා. බොහෝ සතුරු කරදරවලින් ආරක්ෂා වී සාර්ථකව නැගී සිටීමට හැකි ශක්තියක් පද්මරාග පැලඳීම තුළ ඇතිවන්නක්. තම රැකියාවේ උසස්වීම් සහ ස්ථාවරභාවය ප්‍රාර්ථනා කරන ඔබට පද්මරාග පැලඳීම තුළ ඉතා සාර්ථක ප්‍රතිඵල මෙන්ම ධනවත් ආර්ථික පසුබිමකටද මාවත විවර කරගන්න පුළුවන්. රතු මැණික් හෙවත් රූබි මැණික්ද අයිති වෙන්නෙ ඉහත මැණික් වගේම කොරුන්ඩම් මැණික් පවුලටයි. ඇලුමිනියම් ඔක්සයිඩ්වලින් සෑදුණු රතු මැණික් රෝස පැහැයේ සිට ලේවල තද රතු පැහැය දක්වා වර්ණ කාණ්ඩ රාශියක් තිඛෙන රූබි මැණික්වල රතු වර්ණය ක්‍රෝමියම් කියන සංඝටකය නිසා ඇතිවෙන දෙයක්.
කුජ හෙවත් අගහරු එනම් සෞරග්‍රහ මණ්ඩලයේ සෙන්පතියා නියෝජනය කරන රතු මැණික් ආරක්ෂක අංශයේ රැකියාවන්ගේ නියුතු අයට ඉතා ගැළපෙන මැණික් වර්ගයක්. මේෂ ලග්න හිමියන්ට රතු මැණික් පැලඳීම තුළ තම ජීවිතයේ සෞභාග්‍යය දොරටු විවර වෙන බවත් කිව යුතුයි.
බුධ ග්‍රහයා නියෝජනය කරන මැණික් වර්ගය වන මරකත පච්ච එමරල්ඩ් මැණික් ව්‍යාපාරිකයන්ට පැලඳීමට ඉතා සුදුසු මැණික් වර්ගයක්. ඛෙරිලියම් ඇලුමිනියම් සිලිකේට් යන රසායනික සංයුතියෙන් සෑදී ඇති ඛෙරිල් කුලයේ මැණික් වර්ගයක් වන එමරල්ඩ් දෘඪතාව 7.5ක් වෙනවා. ආදරයේ මැණික ලෙසද හඳුන්වන එමරල්ඩ් පැලඳීම තුළ ධනය, බලය මෙන්ම ජනතා ආකර්ෂණයද ඉතා සාර්ථකව ලබාගත හැකියි.
බොහෝ සාර්ථක ඉන්දීය නළු නිළියන් මෙන්ම ධන කුවේරයන්ද ඉතා ආසාවෙන් සහ ගෞරවයෙන් තම දකුණු අත සුලැගිල්ලේ එමරල්ඩ් මැණික් ගලක් පළඳිනු අපි බොහෝ විට දැක තිඛෙනවා. එමරල්ඩ් පැලඳීම තුළ තම ව්‍යාපාරවල ගනුදෙනුකරුවන් ඉතා සීඝ්රයෙන් වැඩිවන අතර පවුල් ජීවිතයද ඉතා පී‍්‍රතිමත් වන බව සත්‍යයක්.
ව්‍යාපාරික මහත්වරුන්ට මෙන්ම කලා ක්ෂේත්රයේ නියැළී සිටින්නවුන්ටත් ඉතා යෝග්‍ය අනෙක් මැණික් වර්ගය තමයි දියමන්ති.
දෘඪතාව 10ක් වන දියමන්ති කාබන් යන රසායනික ස්වභාවයෙන් සෑදී තිඛෙනවා. බොහෝ ධනවතුන් දියමන්තිවලට ආදරය කරන්නෙ එහි ඇති ආර්ථිකමය වටිනාකම වගේම දියමන්ති පැලඳීම තුළ තම ජීවිත ධනයෙන් සහ බලයෙන් සරු වන රහසද දන්නා නිසාවෙනි.
දියමන්ති පැලඳීමේදී පිරිසිදු දියමන්තියක්ම තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතු අතර කිසි විටෙකත් දියමන්ති සමට ස්පර්ශවීමට ඉඩ නොතබා තම ආභරණ සකසා ගැනීමටත් කටයුතු කළ යුතුයි.

https://washi-gurukam.sirisara.lk Washi gurukam in sri lanka
ReplyDelete