Jan 23, 2016

එම් කේ ඩී එස් හිස්තැනට එන්න අර්වින් ක්‍රිෂාන්ත රෝසි සටනේ

අභාවප්‍රාප්ත එම්කේඩීඑස් ගුණවර්ධන මහතා නියෝජනය කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන හිස්වූ නිසා එය පුරවන්නට මන්ත්‍රී ධූර ලබාගැනීමේ කැමැත්තෙන් තිදෙනෙකු සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
අර්වින් වීරක්කොඩි, ක්‍රිෂාන්ත කුරේ හා රෝසි සේනානායක යන අය එයට තරග කරන බවද වාර්තා වෙනවා.
ප්‍රකට දැන්වීම් ප්‍රචාරක ආයතන හිමිකරුවෙකු වන අර්වින් වීරක්කොඩි, පසුගිය මැතිවරණවලදී එජාප ප්‍රචාරණ යාන්ත්‍රනය බාරව කටයුතු කළ අතර, ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා. 
එජාප ජාතික ලයිස්තුවේ සිටි එජාප මාධ්‍ය අංශ ප්‍රධානි ක්‍රිෂාන්ත කුරේගේ නමත් එම ලැයිස්තුවේ තිබුණි.
රෝසි සේනානායක එජාපයෙන් තරග වැදුණත් මන්ත්‍රී ධූරයක් ලබාගන්නට බැරිවූ අයෙකි.
එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ සිට නැවත දිවයිනට පැමිණි පසුව මෙම අසුන පුරවන බවද දේශපාලන ආරංචි හෙළි කළා.  

සුමිත්ගේ බිරිය මාධ්‍යට කැටුව ආවේ උදුල්


ඇඹිලිපිටිය සාදයකදී එක් දරු පියෙකු මිය යාමේ සිද්ධිය පිලිබඳ අගතියට පත් පාර්ශවයට කිසිදු යුක්තියක් ඉටුවී නැති බව පවසමින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිද නිශාමනි මුණසිංහ මහත්මිය ඇතුළු පිරිසක් ඊයේ (20) කොළඹ සී. එස්. ආර් ශාලාවේදී මාධ්‍ය හමුවක් පැවැත්විය.
එහිදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිද නිශාමනි මුණසිංහ මහත්මිය මාධ්‍යට අදහස් දැක්වූ අතර ඔවුන්ගේ එම අවස්ථාව සංවිධානය කර තිබුනේ නීතීඥ උදුල් ප්‍රේමරත්නයි. 

වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ නමක් හෙළිකිරීමෙන් පසු සංගමයේ මාධ්‍ය හමුවේ කලබල

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණ දැවැන්ත වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ නමක් මාධ්‍යවේදියෙකු විසින් විමසනු ලැබූ අවස්ථාවේ උණුසුම් වාදයක් හටගෙන තිඛෙනවා.
ලංකාවේ වෛද්‍යවරුන් 6 දෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ බවට
පුවත්පත්වල මුල් සිරස්තල යටතේ පසුගියදා වාර්තා පළවුවත් එම නම් එළිදරව් නොකළ අතර ඔවුන් ගැන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට දන්වා ඇත.
එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා කියා තිබුනේ එම ජාවාරම ගැන රජය හා සෞඛ්‍ය අමාතයංශය සම්පූර්ණ වගකීම භාරගතයුතු බවත් තම සංගමයේ කවුරුන් හෝ එයට සම්බන්ධව ඇතිනම්
විනය ක්‍රියාමාර්ග වලට වෙයාමුවන බවත්ය.
 එම අවස්ථාවේ මාධ්‍යවේදියෙකු එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසාගෙන් විමසීමක් කළේ අමරසිංහ ආරච්චිගේ දොන් මනික් ටර්වින් සංජීව නමැත්තෙකු ගැනයි. අදාළ සංගමයේ සාමාජිකයෙක් නොවේද යන්න හා සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය සමග පවතින සම්බන්ධය කුමක්ද යන්න එම මාධ්‍යවේදියා විමසුවා. 
කෙසේ වෙතත් එම ජාවාරමට සම්බන්ධ යයි නම් නොකර එම විමසීම සිදු කර තිබුණි. එම අවස්ථාවේ කෝපයෙන් අදහස් පළකළ වෛද්‍ය නවීන් ද සොයිසා එයට පිළිතුරු දෙනු වෙනුවට මාධ්‍යවේදියා සදාචාරයෙන් තොර යයි ප්‍රකාශ කළා.
එම වාදය නැරඹීමේදී සැකමතුවන කාරණය වන්නේ අදාළ ජාවාරමට වෛද්‍ය නිලධාරී සංගමයේ අයත් සම්බන්ධ බවටයි.
අදාළ  අවස්ථාවේ වීඩියෝව පහතින් 


Jan 17, 2016

අහඹු සිදුවීම්


1 •
ඇනී පෙරිෂ් (Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ Jack Frost and Other Stories නම් පොතයි. පොත මිලදී ගත් ඇනී පෙරිෂ් නිවසට ගිය පසු පොත සැමියාට පෙන්වා ඇය කුඩා කල මෙම පොතට තදින් ඇලුම් කල බව පැවසුවාය. පොත අතට ගත් සැමියා පොතේ මුල් පිටුව පෙරලූ අතර එහි සටහන් වී තිබුනේ
“Anne Parrish, 209 N. Weber Street, Colorado Springs” යන්නයි
ඇය වසර ගණනාවකට පසු පැරීසියේදී මිලදී ගෙන තිබුනේ කුඩා කල ඇයගේම පොතයි.

2 •
1858දී රොබට් ෆැලන් (Robert Fallon) නැමත්තා පෝකර් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුට වෙඩි තබා මරා දැමුවේ ඔහුත් සමග එකට ක්‍රීඩාවේ යෙදී සිටි සගයෙකු වන අතර ඒ ඔහු වංචා කර ඩොලර් 600ක් ජයග්‍රහනය කලා යැයි ඇති වූ සැකයක් නිසාය. මිය ගිය ෆැලන් නිසා හිස් වූ ආසනයට ඔවුන් අලුත් ක්‍රීඩකයෙකු සෙව්වේ ක්‍රීඩාව දිගටම කරගෙන යාමටයි. ෆැලන් මියගිය නිසා ඔහුගේ ඩොලර් 600 භාවිතා කිරීමට ඔවුන් අකමැති විය. අවසානයේ ඔවුන් ෆැලන්ගෙන් හිස් වූ අසුන සදහා නව ක්‍රීඩකයෙකු සොයා ගත් අතර ඔහුට ෆැලන් අත තිබූ ඩොලර් 600 ලබා දුනි.
ෆැලන්ගේ මිනීමැරුම පිලිබදව සොයා බැලීම සදහා පොලීසියෙන් පැමිනෙන විට නව ක්‍රීඩකයා ෆැලන් ගේ ඩොලර් 600 න් ඩොලර් 2200ක් උපයාගෙන තිබුනි. පොලීසිය ඔවුන්ගෙන් ෆැලන්ගේ ඩොලර් 600 ඉල්ලා සිටියේ එය ෆැලන්ගේ උරුමක්කරුවාට ලබා දීමටයි. නමුත් පසුව හෙලි උනේ ෆැලන්ගේ තැන ගත් නව ක්‍රීඩකයා ෆැලන්ගේම පුතා බවයි. ඔහු සියා පියා වසර 7කින් දැක තිබුනේ නැත.

3 •
වසර 2002දී පින්ලන්තයේදී 70 හැවිරිදි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු එකම දින පැයක් ඇතුලත මිය ගියේ එකම මාර්ගයේ ස්ථාන දෙකකදී රිය අනතුරු වලට ලක් වීමෙනි.
4 •
19වන ශත වර්ශයෙදී විසූ සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගාර් ඇලන් පෝ (Edgar Allan Poe) The narrative of Arthur Gordon Pym නම් පොතක් රචනා කලේය. ඉන් කියැවෙන්නේ තමන් ගමන් ගත් නැව විනාශ වීමෙන් පසු බෝට්ටුවක නැගී ජීවිතය බේරා ගන්නා නාවිකයන් 4දෙනෙක් ගැනයි, දින ගනනාවකට පසු ආහාර හිග වූ නිසා ඔවුන් ඔවුන් අතර සිටි රිචඩ් පාකර් (Richard Parker) නම් වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගනී.
වසර ගණනාවකට පසු 1884 දී Mignonette නැමති නැව අනතුරකට ලක් වූ අතර එයින් දිවි බේරා ගැනීමට සමත් වූවේත් නැවියන් 4දෙනෙකු පමනි. බෝට්ටුවේ දින ගණනාවක් ගත කිරීමෙන් පසු ඔවුන් අතරින් වැඩිමහල් 3දෙනා ඔවුන් සමග වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගත් අතර කැබින් කොලුවාගේ නම වූයේ රිචඩ් පාකරුයි (Richard Parker).

5 •
ඉතාලියේ මොන්සා (Monza) නගරයේදී ඉතාලි රජ කෙනෙකු වූ අම්බර්ටෝ 1(Umberto I) අවන්හලකට ගොඩ වැදුනේ රාත්‍රී ආහාරය ලබා ගැනීම සදහායි. අවන්හලේ හිමිකරු රජුගේ කෑම ඇනවුම ලබා ගැනීම සදහා පැමිනි විට රජුත් ඔහු සමග පැමිනි පිරිවරත් අවන්හලේ හිමිකරුත් එහි සිටි සියලුම දෙනාත් විශ්මයෙන් ගල් ගැහුනේ රජු සහ අවන්හලේ හිමිකරුගේ සමානතාවය දැකීමෙනුයි.
ඔවුන් දෙදෙනාම නිවුන් සොහොයුරන් මෙන් දිස් විය. පසුව ඔවින් දෙදෙනා කතා කිරීමේදී පෙනී ගියේ ඔවුන් දෙදෙනාගේ ජීවිත විශාල වශයෙන් සමාන බවයි. එනම්,
1. ඔවුන් දෙදෙනාගේම උපන් දින එකම වසරේ එකම දිනයේය (1844 මාර්තු 14).
2. ඔවුන් දෙදෙනාම උපත ලබා ඇත්තේ එකම නගරයේයි.
3. ඔවුන් දෙදෙනාම විවාහ වී ඇත්තේ එකම නම ඇති කාන්තාවන් සමගයි (මාගරීටා).
4. අවනහල් හිමියා අවන්හල ආරම්භ කර ඇත්තේ පලමු වන අම්බර්ටෝ රජු ඉතාලියේ රජ වූ දිනමයි.
1900 ජූලි 29වනදා අම්බර්ටෝ රජුට පැමිනි ආරංචියකින් කිය වුනේ අවන්හල් හිමියාව එදින උදෑසන මරා දමා ඇති බවයි, මින් රජු බෙහෙවින් කම්පා වූ නමුත් එදිනම සවස අම්බර්ටෝ රජුවත් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

6 •
1930 දශකයේදී ඩෙට්‍රොයිට් නගරයේදී ජෝසප් ෆිග්ලොක් (Joseph Figlock) නැමැත්තා තරුණ අපරික්‍ෂාකාරී මවකගේ ජීවිතයේ ඉතා වැදගත් තැනැත්තෙක් බවට පත් විය. දිනක් ෆිග්ලොක් පාරේ ගමන් කරමින් සිටියදී කලින් සදහන් කල තරුණ මවගේ බිලිදා ඉහල මහලක ජනේලයෙන් පහලට වැටුනු අතර බිලිදා වැටුනේ ෆිග්ලොක් මතට නිසා බිලිදාගේ දිවි බේරුනි.
බිලිදාටත් ෆිග්ලොක්ටත් හානියක් නොවුනි. වසරකට පසු ෆිග්ලොක් එම පාරේ ගමන් කරමින් සිටියදී කලින් බිලිදාම කලින් ජනේලයෙන්ම ෆිග්ලොක් මතට වැටුනු අතර මෙවරද ඔවුන් දෙදෙනාටම හානියක් නොවුනි.

7 •
හෙන්රි සිග්ලෑන්ඩ් (Henry Ziegland) 1883දී ඔහුගේ පෙම්වතිය සමග වූ සබදතාවය නවත්වන ලදී. මේ දුක දරාගත නොහැකි වූ ඇය සියදිවි නසා ගත්තාය. මේ නිසා හෙන්රි සමග උරන වූ ඇගේ සහෝදරයා හෙන්රිව මරා දැමීමට ඔහුට හෙන්රිගේ නිවසේ දී ඔහුට වෙඩි තිබ්බේය. නමුත් හෙන්රිගේ නොවැදුන උණ්ඩය අසල තිබූ ගසක වැදී එහි හිර වුනි. තමා වාසනාවන්ත පුද්ගලයෙකු බව හෙන්රිගේ අදහස විය.
වසර ගණනාවකට පසු ගස කපා දැමීමට හෙන්රිට අවශ්‍ය වූ නමුත් ඉතා විශාල ගස කපා දැමීම අපහසු වූ නිසා ඩයිනමයිට් යොදා එය පිපිරවීමට ඔහු අදහස් කලේය. ඩයිනමයිට් යොදා ගස පිපිරවූ අතර ගසේ සිර වී තිබූ උණ්ඩය පැමින හෙන්රිගේ හිසේ වැදුන අතර ඔහු එම ස්ථානයේම මිය ගියේය.

8 •
නෝමන් මේලර් (Norman Mailer) නැමැති ලේඛකයා Barbary Shore නම් ඔහුගේ නවකතාව රචනා කිරීමට ආරම්භ කරන විට එහි චරිතයක් වශයෙන් රුසියානු රහස් ඔත්තුකරුවෙකු ඇතුල් කිරීමේ කිසිදු අදහසක් ඔහුට තිබුනේ නැත. නමුත් නවකතාව ලියාගෙන යාමේදී ඔහු එහි සුලු චරිතයක් ලෙස රුසියානු රහස් ඔත්තුකරුවෙකු හදුන්වා දෙන ලදී.
නවකතාව දිගටම ලියාගෙන යාමේදී රුසියානු රහස් ඔත්තුකරුවා නවකතාවේ ප්‍රධාන චරිතයක් බවට පත් විය. නවකතාව ලියා අවසන් කර ටික දිනකින් නෝමන් මේලර් ජීවත් වූ තට්ටු නිවාසයේම ඉහල තට්ටුවේ ජීවත් වූ රුසියානු මිනිසෙකු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර පසුව හෙලි වූයේ ඔහු ඇමරිකාවේ විසූ ඉහල පෙලේ රුසියානු ඔත්තුකරුවෙකු බවයි.

9 •
මාක් ට්වේන් (Mark Twain) නැමති ප්‍රසිද්ධ ලේඛකයා උපත ලැබුවේ 1835 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විට උපත ලැබූ අතර ඔහු මිය ගියේ 1910 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විටයි. 1909දී ඔහු මෙසේ පැවසීය “මම මේ ලෝකෙට ආවේ 1835 හැලීගේ වල්ගා තරුවත් සමගයි, එය ඊලග වසරේ නැවතත් එනවා, මම එයත් සමග යලිත් මෙලොවින් යාමට බලාපොරොත්තු වෙනවා”

10 •
1950 දශකය අග භාගයේ රාජකාරී ගමනක යෙදෙන අතරතුර ජෝජ්. ඩී. බ්‍රයිසන්(George D. Bryson ) නැමති පුද්ගලයා කෙන්ටකිහි බ්‍රවුන් නැමති හෝටලයක නවාතැන් ගත්තේය.
තම කාමරය වූ අංක 307 කාමරයට පැමින මද වේලාවකින් හෝටලයේ සේවකයෙකු පැමින ඔහුට පැමිනි ලියුමක් භාර දුන්නේය, ලියුම් කවරය මත ජෝජ්. ඩී. බ්‍රයිසන්, කාමර අංක 307 යනුවෙන් සටහනක් විය. මින් ජෝජ්. ඩී. බ්‍රයිසන් විශ්මයට පත් වූයේ ඔහු මෙම හෝටලයේ අංක 307 කාමරයේ නවාතැන් ගෙන ඇති බව දන්නා කිසිවෙකු නොමැති නිසායි. නමුත් මදක් සොයා බැලීමේදී පෙනී ගියේ ඔහුට පෙර අංක 307 කාමරයේ නවාතැන් ගෙන සිටියේත් ජෝජ්. ඩී. බ්‍රයිසන් නැමති පුද්ගලයෙකු බවය.

11 •
1953 දී රූපවාහිනී වාර්තාකරුවෙකු වූ Irv Kupcinet නැමැත්තා ලන්ඩනයට පැමිනියේ දෙවන එලිසබෙත් කුමරියගේ ඔටුනු පැලදීමේ උත්සවයටයි. ඔහු ලන්ඩන් නුවර නවාතැන් ගත්තේ Savoy නැමති හෝටලයේ වූ අතර තම කාමරයේ එක් ලාච්චුවක තිබී ඔහුට හමු වූයේ හැරී හැනින් (Harry Hannin) නම් පුද්ගලයෙකුට අයත් භාණ්ඩ කිහිපයකි. අහඹු ලෙස මෙම හැරී හැනින් නැමති ප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩකයාගේ මිත්‍රයෙකි.
නමුත් කතාව එතනින් අවසන් නොවේ දින දෙකකට පසු මේ පිලිබදව හැරී හැනින්ට පැවසීමට පෙර ඔහුට හැරී හැනින්ගෙන් ලිපියක් ලැබුනි. එහි සදහන් වූයේ පැරිස් නුවර Meurice නැමති හෝටලයේ හැරී හැනින් නැවතී සිටි කාමරයේ වූ ලාච්චුවක් තුල තිබී ඔහුට Kupcinetට අයිති ටයි පටියක් සම්භ වූ බවය.

12 •
මයිකල් ඩික් (Michael Dick) වසර 10කට පෙර නැති වූ ඔහුගේ දියණිය ලීසා සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර අවසානයේ ඔහු පුවත් පත් වලින් මේ සදහා සහාය ඉල්ලා සිටියේය. මේ සදහා මයිකල් ඩික්ගේ පවුලේ ඡායාරූපයක් රැගෙන පුවත්පත් වලින් ප්‍රසිද්ධ කල අතර එම ඡායාරූපය දුටු ලීසා නැවත මයිකල් ඩික් පවුල සමග එක් විය. පසුව පෙනී ගියේ පුවත්පත් වලට නිකුත් කිරීම සදහා මයිකල් ඩික් පවුල ඡායාරූපය ගන්නා විට පසු බිමේ ඔවුන්ගේ නැති වූ දියණිය ලීසාද සිටින බවයි (ඉහත ඡායාරූපය බලන්න)

ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක් - ඔහුට ඇති ආශිර්වාදය එයයි (VIDEO)

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබද විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.    
 ඒ යූ ටියුබ් ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.     
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් ගෙන් ලැබුණු ඇතැම් ත්‍යාග තමා නිතර ළග තබාගන්නා බවයි බරක් ඔබාමා එහිදී ප‍්‍රකාශ කර තිබෙන්නේ.   
  ආශිර්වාදය පිණිස සහ සිහිවටනයක් ලෙස තමන් ඒවා ළග තබාගන්නා බවද ඔබාමා ප‍්‍රකාශ කර තිබෙනවා.     
ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්තුමන් විසින් තමන්ට ලබාදෙන ලද කිතුණු නවගුණ වැලක් සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදුපිළිමයක් තමන් නිතර කලිසම් සාක්කුව තුළ තබා ගන්නා බව ඔබාමා මෙම සාකච්ඡාවේදි ප‍්‍රකාශ කළා. 
    එමෙන්ම කාන්තාවක් විසින් ලබාදුන් කුඩා හනුමාන් දේවරූපයක්ද තමන් නිරන්තරයෙන් ළග තබා ගන්නා බවයි මෙම සාකච්ඡාවේදී ඔබාමා ප‍්‍රකාශ කළේ.  
   
එම වැඩසටහනේ වීඩියෝව පහතින්

 

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබද විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
 
ඒ යූ ටියුබ් ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
 
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් ගෙන් ලැබුණු ඇතැම් ත්‍යාග තමා නිතර ළග තබාගන්නා බවයි බරක් ඔබාමා එහිදී ප‍්‍රකාශ කර තිබෙන්නේ.
 
ආශිර්වාදය පිණිස සහ සිහිවටනයක් ලෙස තමන් ඒවා ළග තබාගන්නා බවද ඔබාමා ප‍්‍රකාශ කර තිබෙනවා.
 
ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්තුමන් විසින් තමන්ට ලබාදෙන ලද කිතුණු නවගුණ වැලක් සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදුපිළිමයක් තමන් නිතර කලිසම් සාක්කුව තුළ තබා ගන්නා බව ඔබාමා මෙම සාකච්ඡාවේදි ප‍්‍රකාශ කළා.
 
එමෙන්ම කාන්තාවක් විසින් ලබාදුන් කුඩා හනුමාන් දේවරූපයක්ද තමන් නිරන්තරයෙන් ළග තබා ගන්නා බවයි මෙම සාකච්ඡාවේදී ඔබාමා ප‍්‍රකාශ කළේ.
 
එම වැඩසටහනේ වීඩියෝව පහතින්

- See more at: http://offair.nethfm.com/article/32023#sthash.qUvFY2gb.dpuf

Jan 15, 2016

නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්


මේ ලෝකෙ උපදින කාටත් ඇති දෙයක් තමයි නම. අපේ රටේ ක්‍ර‍මයට අනුව නම් කෙනෙක් ඉපදුනාම උපන් වෙලාවට අනුව තමයි නමට අකුරු ලැබෙන්නෙ. ඉතින් ඒ නිසා නමේ අකුරු අනුවත් කෙනෙකුගේ ගතිගුණ කියන්න පුළුවන්.
මේ යමෙකුගේ නමේ මුල් අකුර අනුව ඉංග්‍රීසි හෝඩියේ අකුරු සම්බන්ධකරමින් සැකසුනු ගතිගුණ කීමේ එවන් ක්‍ර‍මයක්.



මෝටරෝලා නමින් ෆෝන් හැදීම නවතා දමයි


ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අලෙවි කරන්නට පටන්ගත් කාලයේ කාගේත් මුවග රැඳුණ ජංගම දුරකථන නිෂ්පාදන වෙළෙඳ නාම දෙකක් වූයේ නොකියා සහ මෝටරෝලාය.
නොකියා මයික්‍රොසොෆ්ට් සමාගම මිලට ගත් පසුව ඒ නමින් කාලයක් අලෙවිය සිදු කළත් නොකියා ස්මාර්ට් ෆොන් ජනප්‍රිය නොවීම නිසා මයික්‍රොසොෆ්ට් නාමයට මාරුවූ අතර නොකියා නාමයද අභාවයට යන්නට විය.

මෝටරෝලා සමාගම ගූගල් මගින් මිලට ගත් පසුව පසුගිය කාලයේ ලෙනෝවෝ සමාගමට විකුණා දැමූ අතර ඊයේ වාර්තා වූයේ මෝටරෝලා යන නම පමණක් තවදුරටත් භාවිත කිරීම ඔවුන්ට වාසි දායක නොවන බැවින් පරිගණක උපාංග ක්ෂෙත්‍රයේ ජනප්‍රිය ලෙනෝවෝ නම සමග මුසු කර zමොටෝ බයි ලෙනොවෝZ නමට මාරුවූ බවයි.

ඒ අනුව තවදුරටත් මෝටරෝලා නමින් ජංගම දුරකථන නිර්මාණය නොවනු ඇත.

දරුවන් ලද අම්මාවරුන්ගේ උදරය ඇකිලෙනවද- ඇත්ත ෆොටා්

විවිධ වාණිජ අරමුණු තකා ඉදිරිපත් කෙරෙන ඡායාරූප වල දරුවන් බිහි කළ අම්මාවරුන්ගේ උදරයේ රුව ෆොටෝ ෂොප් කර වෙනස් කරන බවත් නමුත් ඇත්තටම උදරයේ ඇතිලෙන ස්වභාවය වැඩිදෙනෙකු මුහුණපාන ගැටලූවක් බවත් කියමින් සත්‍ය ඡායාරූප කරණයේ යෙදුණ ඡායාරූප ශිල්පිනී ෙජ්ඩ් ඛෙයිල් ඇය ලබාගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඒවා පහතින්

ටයිටැනික් ගායිකාවගේ සැමියා පිලිකාවෙන් මරුට

සුප්‍රකට ටයිටැනික් චිත්‍රපට තේමා ගීතය ගායනා කිරීමෙන් ජනාදරයට පත් ගායිකා සෙලින් ඩියෝන්ගේ ආදර සැමියා පිළිකා රෝගයෙන් මරුමුවට පත්ව තිඛෙනවා.

රෙනි ඇන්ජලී නමැති 73 හැවිරිදි ඔහු මෙම ගායිකාවගේ කළමනාකරු ලෙසද කටයුතු කළ අතර ඔවුන්ගේ විවාහයට වසර 21 කි. දරු තිදෙනෙකුගේ පියෙකුවූ රෙනි ඇන්ජලී උගුරේ හටගත් පිළිකාවක් නිසා මාස ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටියා.


සිය සැමියාගේ වියෝව නිසා අතිශය කම්පාවට පත්ව සිටින සෙලින් ඩියොන් ඉදිරි ප්‍රසංග සියල්ල අත්හිටුවා ඇතැයිද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

හැරී පොටර් මායාකරු ඇලන් පිලිකාවෙන් මරුට

බි්‍රතාන්‍යයේ ප්‍රකට වේදිකා හා සිනමා නළුවෙකු වූ ඇලන් රික්මන් ඊයේ මියගියා.

69 හැවිරිදි වියේදී පිළිකා රෝගයෙන් මිය ගිය ඔහු හැරී පොටර්, ඩයි හාර්ඩ්, ප්‍රින්ස් ඔෆ් තීව්ස් ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක ර`ගපෑමෙන් ලෝකය පුරා ප්‍රකටව සිටියා.
බෆ්ටා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන වලින්ද පිදුම් ලද ඇලන් වසර 50 ක් තිස්සේ සිය බිරිය සමග වාසය කරමින් සිටියේ ලන්ඩනයේය.


පිළිකා රෝගය වැළඳුණු පසු ඔහුට චිත්‍රපට වැඩ වලින් ඈත්වන්නට සිදුව තිබුණ අතර පසුගිය දෙසැම්බර මාසයේ විවිධ සහනාධාර වෙනුවෙන් පැවැත්වූ ප්‍රසිද්ධ අවස්ථා කිහිපයකට පමණක් එක්ව තිබුණා. ඔහුගේ චිත්‍රපට දෙකක් පමණ ඉදිරියට තිරගත වන්නට නියමිතය.


හැරී පොටර්හි මායාකරු ලෙස ඔහු කළ රංගනය බොහෝ අයගේ සිත් කාවදින ර`ගපෑමක් විය.