Jan 9, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සහකාර පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා  සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩරයකින් දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙනයාම හා පහරදීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබී තිබුණි.

එබැවන් එම උපදෙස් අනුව පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මීට පෙර අද දෙරණට කියා සිටියේය.

පසුගිය දිනෙක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තිබුණු අතර පවුල් ප්‍රශ්නයක් ඊට මුල්වී තිබුණු බව කියැවිණි.

එ‍සේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ එම සැකකටයුතු පුද්ගලයින් තමා විසින් පොලීසියට බාරදීමට කටයුතු කළ බව හා මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

No comments:

Post a Comment