Jan 23, 2016

එම් කේ ඩී එස් හිස්තැනට එන්න අර්වින් ක්‍රිෂාන්ත රෝසි සටනේ

අභාවප්‍රාප්ත එම්කේඩීඑස් ගුණවර්ධන මහතා නියෝජනය කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන හිස්වූ නිසා එය පුරවන්නට මන්ත්‍රී ධූර ලබාගැනීමේ කැමැත්තෙන් තිදෙනෙකු සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
අර්වින් වීරක්කොඩි, ක්‍රිෂාන්ත කුරේ හා රෝසි සේනානායක යන අය එයට තරග කරන බවද වාර්තා වෙනවා.
ප්‍රකට දැන්වීම් ප්‍රචාරක ආයතන හිමිකරුවෙකු වන අර්වින් වීරක්කොඩි, පසුගිය මැතිවරණවලදී එජාප ප්‍රචාරණ යාන්ත්‍රනය බාරව කටයුතු කළ අතර, ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා. 
එජාප ජාතික ලයිස්තුවේ සිටි එජාප මාධ්‍ය අංශ ප්‍රධානි ක්‍රිෂාන්ත කුරේගේ නමත් එම ලැයිස්තුවේ තිබුණි.
රෝසි සේනානායක එජාපයෙන් තරග වැදුණත් මන්ත්‍රී ධූරයක් ලබාගන්නට බැරිවූ අයෙකි.
එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ සිට නැවත දිවයිනට පැමිණි පසුව මෙම අසුන පුරවන බවද දේශපාලන ආරංචි හෙළි කළා.  

No comments:

Post a Comment