Jan 9, 2016

2016 ෆේස් බුක් වෙතින් ලෝකයේම ෆෝන් නම්බර අතුගා දමන අලූත් ක්‍රමයක්

2016 නව වසරේ ෆේස් බුක් සමාගම තාක්ෂණික විප්ලවයක් අරඹන බවත් එමගින් ලෝකයේම දුරකථන අංක වෙනුවට පුද්ගල සන්නිවේදනය අලූත් කරවන ක්‍රමයක් හඳුන්වාදෙන බවත් ෆේස් බුක් සමාගම දන්වා සිටී.

ෆේස් බුක් මෙම ක්‍රමය යොදන්නට යන්නේ දැනට මිලියන 800 ක් සාමාජිකත්වය ලබා සිටින ෆේස් බුක් මැසෙන්ජර් නමැති ජංගම දුරකථන ඇප් එක ප්ලැට්ෆොම් එක්ක ලෙස වර්ධනය කිරීමෙනි.


එමගින් අකුරු ටයිප් කර චැට් කිරීමට වඩා වැඩි දෙයක් කරන බවත් දුරකථන ඇමතුම් ලබාගැනීමට,පටිගත කළ හ~ යැවීමට,වීඩියෝ යැවීමට,ඡායාරූප යැවීමට මෙන්ම මුදල් හුවමාරු කිරීමටද මෙමගින් හැකි වන ලෙස වැඩිදියුණු කරන බවත් ඔවුන් පවසනවා.

සාම්ප්‍රදායික දුරකථන අංක මගින් පුද්ගලයින් ඇමතීමට එහාගිය කාර්යයක් මින් ඉටුවන බව ෆේස් බුක් මැසෙන්ජර් අංශයේ ප්‍රධානී ඩේවිඩ් මාර්කුස් මේ ගැන විස්තර කරමින් පවසා ඇත. 

No comments:

Post a Comment