Jan 15, 2016

මෝටරෝලා නමින් ෆෝන් හැදීම නවතා දමයි


ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අලෙවි කරන්නට පටන්ගත් කාලයේ කාගේත් මුවග රැඳුණ ජංගම දුරකථන නිෂ්පාදන වෙළෙඳ නාම දෙකක් වූයේ නොකියා සහ මෝටරෝලාය.
නොකියා මයික්‍රොසොෆ්ට් සමාගම මිලට ගත් පසුව ඒ නමින් කාලයක් අලෙවිය සිදු කළත් නොකියා ස්මාර්ට් ෆොන් ජනප්‍රිය නොවීම නිසා මයික්‍රොසොෆ්ට් නාමයට මාරුවූ අතර නොකියා නාමයද අභාවයට යන්නට විය.

මෝටරෝලා සමාගම ගූගල් මගින් මිලට ගත් පසුව පසුගිය කාලයේ ලෙනෝවෝ සමාගමට විකුණා දැමූ අතර ඊයේ වාර්තා වූයේ මෝටරෝලා යන නම පමණක් තවදුරටත් භාවිත කිරීම ඔවුන්ට වාසි දායක නොවන බැවින් පරිගණක උපාංග ක්ෂෙත්‍රයේ ජනප්‍රිය ලෙනෝවෝ නම සමග මුසු කර zමොටෝ බයි ලෙනොවෝZ නමට මාරුවූ බවයි.

ඒ අනුව තවදුරටත් මෝටරෝලා නමින් ජංගම දුරකථන නිර්මාණය නොවනු ඇත.

No comments:

Post a Comment