Jan 9, 2016

ප්‍රින්ස්ගේ ජීවිතයේ නොකියවුණු දුක්බර කතාව

ප්‍රින්ස් උදය ප්‍රියන්ත බරපතළ ලෙස රෝගාතුරව මේ වන විටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුගේ තත්ත්වය පිළිබඳව සොහොයුරිය වන ශිරෝනි ප්‍රනාන්දු අප වෙත සඳහන් කළේ මවගේ මරණයෙන් පසුව ප්‍රින්ස් ඇතුළු පවුලේ ආර්ථිකය බිඳ වැටුණු බවයි.

" අපේ අම්මා ප්‍රින්ස් එක්ක ඩුබායි ගිය වෙලාවක අසනීප වුණා.ඩුබායි රෝහලකට ඇතුළත් කරලා ප්‍රතිකාර කළත් ඇය අපෙන් සමුගත්තා.අවසානයේ සිරුර ලංකාවට ගෙනාවේ දින කිහිපයක්ම පහුවෙලා.ඒ සඳහා වියදම් කිරීමත් සමග ආර්ථිකය එතරම් යහපත් වුණේ නැහැ"

මේ අතර "සඳ කුමාරියක්" ගීත එකතුව තුළින් ගී ලොවට ආ ප්‍රින්ස් උදය ප්‍රියන්තට ලැබුණු සංගීත ප්‍රසංගද අඩුවී තිඛෙනවා.

පරණ අයට තිබ්බ අවස්ථාව අඩු වීමත් සමග ප්‍රින්ස්ටත් ප්‍රසංග අඩුවුණා.ඒ වගේම එයාට අවුරුදු පහක විතර ඉඳලා දියවැඩියාව දරුණු විදිහට තිබ්බා.මේ සියල්ල මැද ප්‍රින්ස්ගේ ආදායම අඩු වුණා.

ප්‍රින්ස් තවමත් අවිවාහකයෙක්. ඔහුව බලා ගන්නේ මේ සොහොයුරියයි. රෝහ‍ලේ බිල දරා ගන්න අමාරු නිසා මධු මාධව අරවින්ද සහ ඛෙල්වුඩ් මිතුරන් ප්‍රසංග පවත්වා ආධාර කිරීමට කැමැත්තෙන් සිටින බවයි ශිරෝනි ප්‍රනාන්දු සඳහන් කළේ. 

No comments:

Post a Comment