Jan 15, 2016

වන්නි මෙහෙයුමට අදාල බුද්ධි වාර්තා හෙලි කරන්න එපා

වන්නි මෙහෙයුමට අදාළ රහස්‌ බුද්ධි වාර්තා හෙළිදරව් කිරීමෙන් වැළකිය යුතු බව හිටපු හමුදා බුද්ධි නිලධාරියෙක්‌ ඊයේ පැවසීය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් උපක්‍රම යොදවා මෙම රහස්‌ වාර්තා ලබාගැනීමට ක්‍රියාකරන බවද ඔහු සඳහන් කළේය.

වන්නි මෙහෙයුමට අදාළ තොරතුරු සපයන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රද් හුසේන් පසුගිය රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබිණි.

රහස්‌ පොලිසිය සතුව තිබූ රහස්‌ වාර්තාවක්‌ද ජිනීවා පරික්‍ෂණ මණ්‌ඩලයට ලැබී තිබූ බව පරීක්‍ෂණ මණ්‌ඩලයේ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර තිබූ බව හෙතෙම කියා සිටියේය.

No comments:

Post a Comment