Jan 23, 2016

එම් කේ ඩී එස් හිස්තැනට එන්න අර්වින් ක්‍රිෂාන්ත රෝසි සටනේ

අභාවප්‍රාප්ත එම්කේඩීඑස් ගුණවර්ධන මහතා නියෝජනය කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන හිස්වූ නිසා එය පුරවන්නට මන්ත්‍රී ධූර ලබාගැනීමේ කැමැත්තෙන් තිදෙනෙකු සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
අර්වින් වීරක්කොඩි, ක්‍රිෂාන්ත කුරේ හා රෝසි සේනානායක යන අය එයට තරග කරන බවද වාර්තා වෙනවා.
ප්‍රකට දැන්වීම් ප්‍රචාරක ආයතන හිමිකරුවෙකු වන අර්වින් වීරක්කොඩි, පසුගිය මැතිවරණවලදී එජාප ප්‍රචාරණ යාන්ත්‍රනය බාරව කටයුතු කළ අතර, ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබුණා. 
එජාප ජාතික ලයිස්තුවේ සිටි එජාප මාධ්‍ය අංශ ප්‍රධානි ක්‍රිෂාන්ත කුරේගේ නමත් එම ලැයිස්තුවේ තිබුණි.
රෝසි සේනානායක එජාපයෙන් තරග වැදුණත් මන්ත්‍රී ධූරයක් ලබාගන්නට බැරිවූ අයෙකි.
එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ සිට නැවත දිවයිනට පැමිණි පසුව මෙම අසුන පුරවන බවද දේශපාලන ආරංචි හෙළි කළා.  

සුමිත්ගේ බිරිය මාධ්‍යට කැටුව ආවේ උදුල්


ඇඹිලිපිටිය සාදයකදී එක් දරු පියෙකු මිය යාමේ සිද්ධිය පිලිබඳ අගතියට පත් පාර්ශවයට කිසිදු යුක්තියක් ඉටුවී නැති බව පවසමින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිද නිශාමනි මුණසිංහ මහත්මිය ඇතුළු පිරිසක් ඊයේ (20) කොළඹ සී. එස්. ආර් ශාලාවේදී මාධ්‍ය හමුවක් පැවැත්විය.
එහිදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ බිරිද නිශාමනි මුණසිංහ මහත්මිය මාධ්‍යට අදහස් දැක්වූ අතර ඔවුන්ගේ එම අවස්ථාව සංවිධානය කර තිබුනේ නීතීඥ උදුල් ප්‍රේමරත්නයි. 

වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ නමක් හෙළිකිරීමෙන් පසු සංගමයේ මාධ්‍ය හමුවේ කලබල

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණ දැවැන්ත වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ නමක් මාධ්‍යවේදියෙකු විසින් විමසනු ලැබූ අවස්ථාවේ උණුසුම් වාදයක් හටගෙන තිඛෙනවා.
ලංකාවේ වෛද්‍යවරුන් 6 දෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ බවට
පුවත්පත්වල මුල් සිරස්තල යටතේ පසුගියදා වාර්තා පළවුවත් එම නම් එළිදරව් නොකළ අතර ඔවුන් ගැන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට දන්වා ඇත.
එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා කියා තිබුනේ එම ජාවාරම ගැන රජය හා සෞඛ්‍ය අමාතයංශය සම්පූර්ණ වගකීම භාරගතයුතු බවත් තම සංගමයේ කවුරුන් හෝ එයට සම්බන්ධව ඇතිනම්
විනය ක්‍රියාමාර්ග වලට වෙයාමුවන බවත්ය.
 එම අවස්ථාවේ මාධ්‍යවේදියෙකු එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසාගෙන් විමසීමක් කළේ අමරසිංහ ආරච්චිගේ දොන් මනික් ටර්වින් සංජීව නමැත්තෙකු ගැනයි. අදාළ සංගමයේ සාමාජිකයෙක් නොවේද යන්න හා සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය සමග පවතින සම්බන්ධය කුමක්ද යන්න එම මාධ්‍යවේදියා විමසුවා. 
කෙසේ වෙතත් එම ජාවාරමට සම්බන්ධ යයි නම් නොකර එම විමසීම සිදු කර තිබුණි. එම අවස්ථාවේ කෝපයෙන් අදහස් පළකළ වෛද්‍ය නවීන් ද සොයිසා එයට පිළිතුරු දෙනු වෙනුවට මාධ්‍යවේදියා සදාචාරයෙන් තොර යයි ප්‍රකාශ කළා.
එම වාදය නැරඹීමේදී සැකමතුවන කාරණය වන්නේ අදාළ ජාවාරමට වෛද්‍ය නිලධාරී සංගමයේ අයත් සම්බන්ධ බවටයි.
අදාළ  අවස්ථාවේ වීඩියෝව පහතින් 


Jan 17, 2016

අහඹු සිදුවීම්


1 •
ඇනී පෙරිෂ් (Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ Jack Frost and Other Stories නම් පොතයි. පොත මිලදී ගත් ඇනී පෙරිෂ් නිවසට ගිය පසු පොත සැමියාට පෙන්වා ඇය කුඩා කල මෙම පොතට තදින් ඇලුම් කල බව පැවසුවාය. පොත අතට ගත් සැමියා පොතේ මුල් පිටුව පෙරලූ අතර එහි සටහන් වී තිබුනේ
“Anne Parrish, 209 N. Weber Street, Colorado Springs” යන්නයි
ඇය වසර ගණනාවකට පසු පැරීසියේදී මිලදී ගෙන තිබුනේ කුඩා කල ඇයගේම පොතයි.

2 •
1858දී රොබට් ෆැලන් (Robert Fallon) නැමත්තා පෝකර් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුට වෙඩි තබා මරා දැමුවේ ඔහුත් සමග එකට ක්‍රීඩාවේ යෙදී සිටි සගයෙකු වන අතර ඒ ඔහු වංචා කර ඩොලර් 600ක් ජයග්‍රහනය කලා යැයි ඇති වූ සැකයක් නිසාය. මිය ගිය ෆැලන් නිසා හිස් වූ ආසනයට ඔවුන් අලුත් ක්‍රීඩකයෙකු සෙව්වේ ක්‍රීඩාව දිගටම කරගෙන යාමටයි. ෆැලන් මියගිය නිසා ඔහුගේ ඩොලර් 600 භාවිතා කිරීමට ඔවුන් අකමැති විය. අවසානයේ ඔවුන් ෆැලන්ගෙන් හිස් වූ අසුන සදහා නව ක්‍රීඩකයෙකු සොයා ගත් අතර ඔහුට ෆැලන් අත තිබූ ඩොලර් 600 ලබා දුනි.
ෆැලන්ගේ මිනීමැරුම පිලිබදව සොයා බැලීම සදහා පොලීසියෙන් පැමිනෙන විට නව ක්‍රීඩකයා ෆැලන් ගේ ඩොලර් 600 න් ඩොලර් 2200ක් උපයාගෙන තිබුනි. පොලීසිය ඔවුන්ගෙන් ෆැලන්ගේ ඩොලර් 600 ඉල්ලා සිටියේ එය ෆැලන්ගේ උරුමක්කරුවාට ලබා දීමටයි. නමුත් පසුව හෙලි උනේ ෆැලන්ගේ තැන ගත් නව ක්‍රීඩකයා ෆැලන්ගේම පුතා බවයි. ඔහු සියා පියා වසර 7කින් දැක තිබුනේ නැත.

3 •
වසර 2002දී පින්ලන්තයේදී 70 හැවිරිදි නිවුන් සොහොයුරන් දෙදෙනෙකු එකම දින පැයක් ඇතුලත මිය ගියේ එකම මාර්ගයේ ස්ථාන දෙකකදී රිය අනතුරු වලට ලක් වීමෙනි.
4 •
19වන ශත වර්ශයෙදී විසූ සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගාර් ඇලන් පෝ (Edgar Allan Poe) The narrative of Arthur Gordon Pym නම් පොතක් රචනා කලේය. ඉන් කියැවෙන්නේ තමන් ගමන් ගත් නැව විනාශ වීමෙන් පසු බෝට්ටුවක නැගී ජීවිතය බේරා ගන්නා නාවිකයන් 4දෙනෙක් ගැනයි, දින ගනනාවකට පසු ආහාර හිග වූ නිසා ඔවුන් ඔවුන් අතර සිටි රිචඩ් පාකර් (Richard Parker) නම් වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගනී.
වසර ගණනාවකට පසු 1884 දී Mignonette නැමති නැව අනතුරකට ලක් වූ අතර එයින් දිවි බේරා ගැනීමට සමත් වූවේත් නැවියන් 4දෙනෙකු පමනි. බෝට්ටුවේ දින ගණනාවක් ගත කිරීමෙන් පසු ඔවුන් අතරින් වැඩිමහල් 3දෙනා ඔවුන් සමග වූ කැබින් කොලුවාව මරා ආහාරයට ගත් අතර කැබින් කොලුවාගේ නම වූයේ රිචඩ් පාකරුයි (Richard Parker).

5 •
ඉතාලියේ මොන්සා (Monza) නගරයේදී ඉතාලි රජ කෙනෙකු වූ අම්බර්ටෝ 1(Umberto I) අවන්හලකට ගොඩ වැදුනේ රාත්‍රී ආහාරය ලබා ගැනීම සදහායි. අවන්හලේ හිමිකරු රජුගේ කෑම ඇනවුම ලබා ගැනීම සදහා පැමිනි විට රජුත් ඔහු සමග පැමිනි පිරිවරත් අවන්හලේ හිමිකරුත් එහි සිටි සියලුම දෙනාත් විශ්මයෙන් ගල් ගැහුනේ රජු සහ අවන්හලේ හිමිකරුගේ සමානතාවය දැකීමෙනුයි.
ඔවුන් දෙදෙනාම නිවුන් සොහොයුරන් මෙන් දිස් විය. පසුව ඔවින් දෙදෙනා කතා කිරීමේදී පෙනී ගියේ ඔවුන් දෙදෙනාගේ ජීවිත විශාල වශයෙන් සමාන බවයි. එනම්,
1. ඔවුන් දෙදෙනාගේම උපන් දින එකම වසරේ එකම දිනයේය (1844 මාර්තු 14).
2. ඔවුන් දෙදෙනාම උපත ලබා ඇත්තේ එකම නගරයේයි.
3. ඔවුන් දෙදෙනාම විවාහ වී ඇත්තේ එකම නම ඇති කාන්තාවන් සමගයි (මාගරීටා).
4. අවනහල් හිමියා අවන්හල ආරම්භ කර ඇත්තේ පලමු වන අම්බර්ටෝ රජු ඉතාලියේ රජ වූ දිනමයි.
1900 ජූලි 29වනදා අම්බර්ටෝ රජුට පැමිනි ආරංචියකින් කිය වුනේ අවන්හල් හිමියාව එදින උදෑසන මරා දමා ඇති බවයි, මින් රජු බෙහෙවින් කම්පා වූ නමුත් එදිනම සවස අම්බර්ටෝ රජුවත් තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

6 •
1930 දශකයේදී ඩෙට්‍රොයිට් නගරයේදී ජෝසප් ෆිග්ලොක් (Joseph Figlock) නැමැත්තා තරුණ අපරික්‍ෂාකාරී මවකගේ ජීවිතයේ ඉතා වැදගත් තැනැත්තෙක් බවට පත් විය. දිනක් ෆිග්ලොක් පාරේ ගමන් කරමින් සිටියදී කලින් සදහන් කල තරුණ මවගේ බිලිදා ඉහල මහලක ජනේලයෙන් පහලට වැටුනු අතර බිලිදා වැටුනේ ෆිග්ලොක් මතට නිසා බිලිදාගේ දිවි බේරුනි.
බිලිදාටත් ෆිග්ලොක්ටත් හානියක් නොවුනි. වසරකට පසු ෆිග්ලොක් එම පාරේ ගමන් කරමින් සිටියදී කලින් බිලිදාම කලින් ජනේලයෙන්ම ෆිග්ලොක් මතට වැටුනු අතර මෙවරද ඔවුන් දෙදෙනාටම හානියක් නොවුනි.

7 •
හෙන්රි සිග්ලෑන්ඩ් (Henry Ziegland) 1883දී ඔහුගේ පෙම්වතිය සමග වූ සබදතාවය නවත්වන ලදී. මේ දුක දරාගත නොහැකි වූ ඇය සියදිවි නසා ගත්තාය. මේ නිසා හෙන්රි සමග උරන වූ ඇගේ සහෝදරයා හෙන්රිව මරා දැමීමට ඔහුට හෙන්රිගේ නිවසේ දී ඔහුට වෙඩි තිබ්බේය. නමුත් හෙන්රිගේ නොවැදුන උණ්ඩය අසල තිබූ ගසක වැදී එහි හිර වුනි. තමා වාසනාවන්ත පුද්ගලයෙකු බව හෙන්රිගේ අදහස විය.
වසර ගණනාවකට පසු ගස කපා දැමීමට හෙන්රිට අවශ්‍ය වූ නමුත් ඉතා විශාල ගස කපා දැමීම අපහසු වූ නිසා ඩයිනමයිට් යොදා එය පිපිරවීමට ඔහු අදහස් කලේය. ඩයිනමයිට් යොදා ගස පිපිරවූ අතර ගසේ සිර වී තිබූ උණ්ඩය පැමින හෙන්රිගේ හිසේ වැදුන අතර ඔහු එම ස්ථානයේම මිය ගියේය.

8 •
නෝමන් මේලර් (Norman Mailer) නැමැති ලේඛකයා Barbary Shore නම් ඔහුගේ නවකතාව රචනා කිරීමට ආරම්භ කරන විට එහි චරිතයක් වශයෙන් රුසියානු රහස් ඔත්තුකරුවෙකු ඇතුල් කිරීමේ කිසිදු අදහසක් ඔහුට තිබුනේ නැත. නමුත් නවකතාව ලියාගෙන යාමේදී ඔහු එහි සුලු චරිතයක් ලෙස රුසියානු රහස් ඔත්තුකරුවෙකු හදුන්වා දෙන ලදී.
නවකතාව දිගටම ලියාගෙන යාමේදී රුසියානු රහස් ඔත්තුකරුවා නවකතාවේ ප්‍රධාන චරිතයක් බවට පත් විය. නවකතාව ලියා අවසන් කර ටික දිනකින් නෝමන් මේලර් ජීවත් වූ තට්ටු නිවාසයේම ඉහල තට්ටුවේ ජීවත් වූ රුසියානු මිනිසෙකු ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර පසුව හෙලි වූයේ ඔහු ඇමරිකාවේ විසූ ඉහල පෙලේ රුසියානු ඔත්තුකරුවෙකු බවයි.

9 •
මාක් ට්වේන් (Mark Twain) නැමති ප්‍රසිද්ධ ලේඛකයා උපත ලැබුවේ 1835 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විට උපත ලැබූ අතර ඔහු මිය ගියේ 1910 වසරේ හැලීගේ වල්ගා තරුව දර්ශනය වන විටයි. 1909දී ඔහු මෙසේ පැවසීය “මම මේ ලෝකෙට ආවේ 1835 හැලීගේ වල්ගා තරුවත් සමගයි, එය ඊලග වසරේ නැවතත් එනවා, මම එයත් සමග යලිත් මෙලොවින් යාමට බලාපොරොත්තු වෙනවා”

10 •
1950 දශකය අග භාගයේ රාජකාරී ගමනක යෙදෙන අතරතුර ජෝජ්. ඩී. බ්‍රයිසන්(George D. Bryson ) නැමති පුද්ගලයා කෙන්ටකිහි බ්‍රවුන් නැමති හෝටලයක නවාතැන් ගත්තේය.
තම කාමරය වූ අංක 307 කාමරයට පැමින මද වේලාවකින් හෝටලයේ සේවකයෙකු පැමින ඔහුට පැමිනි ලියුමක් භාර දුන්නේය, ලියුම් කවරය මත ජෝජ්. ඩී. බ්‍රයිසන්, කාමර අංක 307 යනුවෙන් සටහනක් විය. මින් ජෝජ්. ඩී. බ්‍රයිසන් විශ්මයට පත් වූයේ ඔහු මෙම හෝටලයේ අංක 307 කාමරයේ නවාතැන් ගෙන ඇති බව දන්නා කිසිවෙකු නොමැති නිසායි. නමුත් මදක් සොයා බැලීමේදී පෙනී ගියේ ඔහුට පෙර අංක 307 කාමරයේ නවාතැන් ගෙන සිටියේත් ජෝජ්. ඩී. බ්‍රයිසන් නැමති පුද්ගලයෙකු බවය.

11 •
1953 දී රූපවාහිනී වාර්තාකරුවෙකු වූ Irv Kupcinet නැමැත්තා ලන්ඩනයට පැමිනියේ දෙවන එලිසබෙත් කුමරියගේ ඔටුනු පැලදීමේ උත්සවයටයි. ඔහු ලන්ඩන් නුවර නවාතැන් ගත්තේ Savoy නැමති හෝටලයේ වූ අතර තම කාමරයේ එක් ලාච්චුවක තිබී ඔහුට හමු වූයේ හැරී හැනින් (Harry Hannin) නම් පුද්ගලයෙකුට අයත් භාණ්ඩ කිහිපයකි. අහඹු ලෙස මෙම හැරී හැනින් නැමති ප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩකයාගේ මිත්‍රයෙකි.
නමුත් කතාව එතනින් අවසන් නොවේ දින දෙකකට පසු මේ පිලිබදව හැරී හැනින්ට පැවසීමට පෙර ඔහුට හැරී හැනින්ගෙන් ලිපියක් ලැබුනි. එහි සදහන් වූයේ පැරිස් නුවර Meurice නැමති හෝටලයේ හැරී හැනින් නැවතී සිටි කාමරයේ වූ ලාච්චුවක් තුල තිබී ඔහුට Kupcinetට අයිති ටයි පටියක් සම්භ වූ බවය.

12 •
මයිකල් ඩික් (Michael Dick) වසර 10කට පෙර නැති වූ ඔහුගේ දියණිය ලීසා සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර අවසානයේ ඔහු පුවත් පත් වලින් මේ සදහා සහාය ඉල්ලා සිටියේය. මේ සදහා මයිකල් ඩික්ගේ පවුලේ ඡායාරූපයක් රැගෙන පුවත්පත් වලින් ප්‍රසිද්ධ කල අතර එම ඡායාරූපය දුටු ලීසා නැවත මයිකල් ඩික් පවුල සමග එක් විය. පසුව පෙනී ගියේ පුවත්පත් වලට නිකුත් කිරීම සදහා මයිකල් ඩික් පවුල ඡායාරූපය ගන්නා විට පසු බිමේ ඔවුන්ගේ නැති වූ දියණිය ලීසාද සිටින බවයි (ඉහත ඡායාරූපය බලන්න)

ඔබාමාගේ සාක්කුවේ බුදුපිළිමයක් - ඔහුට ඇති ආශිර්වාදය එයයි (VIDEO)

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබද විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.    
 ඒ යූ ටියුබ් ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.     
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් ගෙන් ලැබුණු ඇතැම් ත්‍යාග තමා නිතර ළග තබාගන්නා බවයි බරක් ඔබාමා එහිදී ප‍්‍රකාශ කර තිබෙන්නේ.   
  ආශිර්වාදය පිණිස සහ සිහිවටනයක් ලෙස තමන් ඒවා ළග තබාගන්නා බවද ඔබාමා ප‍්‍රකාශ කර තිබෙනවා.     
ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්තුමන් විසින් තමන්ට ලබාදෙන ලද කිතුණු නවගුණ වැලක් සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදුපිළිමයක් තමන් නිතර කලිසම් සාක්කුව තුළ තබා ගන්නා බව ඔබාමා මෙම සාකච්ඡාවේදි ප‍්‍රකාශ කළා. 
    එමෙන්ම කාන්තාවක් විසින් ලබාදුන් කුඩා හනුමාන් දේවරූපයක්ද තමන් නිරන්තරයෙන් ළග තබා ගන්නා බවයි මෙම සාකච්ඡාවේදී ඔබාමා ප‍්‍රකාශ කළේ.  
   
එම වැඩසටහනේ වීඩියෝව පහතින්

 

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබද විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
 
ඒ යූ ටියුබ් ආයතනය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
 
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් ගෙන් ලැබුණු ඇතැම් ත්‍යාග තමා නිතර ළග තබාගන්නා බවයි බරක් ඔබාමා එහිදී ප‍්‍රකාශ කර තිබෙන්නේ.
 
ආශිර්වාදය පිණිස සහ සිහිවටනයක් ලෙස තමන් ඒවා ළග තබාගන්නා බවද ඔබාමා ප‍්‍රකාශ කර තිබෙනවා.
 
ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප්තුමන් විසින් තමන්ට ලබාදෙන ලද කිතුණු නවගුණ වැලක් සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදුපිළිමයක් තමන් නිතර කලිසම් සාක්කුව තුළ තබා ගන්නා බව ඔබාමා මෙම සාකච්ඡාවේදි ප‍්‍රකාශ කළා.
 
එමෙන්ම කාන්තාවක් විසින් ලබාදුන් කුඩා හනුමාන් දේවරූපයක්ද තමන් නිරන්තරයෙන් ළග තබා ගන්නා බවයි මෙම සාකච්ඡාවේදී ඔබාමා ප‍්‍රකාශ කළේ.
 
එම වැඩසටහනේ වීඩියෝව පහතින්

- See more at: http://offair.nethfm.com/article/32023#sthash.qUvFY2gb.dpuf

Jan 15, 2016

නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්


මේ ලෝකෙ උපදින කාටත් ඇති දෙයක් තමයි නම. අපේ රටේ ක්‍ර‍මයට අනුව නම් කෙනෙක් ඉපදුනාම උපන් වෙලාවට අනුව තමයි නමට අකුරු ලැබෙන්නෙ. ඉතින් ඒ නිසා නමේ අකුරු අනුවත් කෙනෙකුගේ ගතිගුණ කියන්න පුළුවන්.
මේ යමෙකුගේ නමේ මුල් අකුර අනුව ඉංග්‍රීසි හෝඩියේ අකුරු සම්බන්ධකරමින් සැකසුනු ගතිගුණ කීමේ එවන් ක්‍ර‍මයක්.



මෝටරෝලා නමින් ෆෝන් හැදීම නවතා දමයි


ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අලෙවි කරන්නට පටන්ගත් කාලයේ කාගේත් මුවග රැඳුණ ජංගම දුරකථන නිෂ්පාදන වෙළෙඳ නාම දෙකක් වූයේ නොකියා සහ මෝටරෝලාය.
නොකියා මයික්‍රොසොෆ්ට් සමාගම මිලට ගත් පසුව ඒ නමින් කාලයක් අලෙවිය සිදු කළත් නොකියා ස්මාර්ට් ෆොන් ජනප්‍රිය නොවීම නිසා මයික්‍රොසොෆ්ට් නාමයට මාරුවූ අතර නොකියා නාමයද අභාවයට යන්නට විය.

මෝටරෝලා සමාගම ගූගල් මගින් මිලට ගත් පසුව පසුගිය කාලයේ ලෙනෝවෝ සමාගමට විකුණා දැමූ අතර ඊයේ වාර්තා වූයේ මෝටරෝලා යන නම පමණක් තවදුරටත් භාවිත කිරීම ඔවුන්ට වාසි දායක නොවන බැවින් පරිගණක උපාංග ක්ෂෙත්‍රයේ ජනප්‍රිය ලෙනෝවෝ නම සමග මුසු කර zමොටෝ බයි ලෙනොවෝZ නමට මාරුවූ බවයි.

ඒ අනුව තවදුරටත් මෝටරෝලා නමින් ජංගම දුරකථන නිර්මාණය නොවනු ඇත.

දරුවන් ලද අම්මාවරුන්ගේ උදරය ඇකිලෙනවද- ඇත්ත ෆොටා්

විවිධ වාණිජ අරමුණු තකා ඉදිරිපත් කෙරෙන ඡායාරූප වල දරුවන් බිහි කළ අම්මාවරුන්ගේ උදරයේ රුව ෆොටෝ ෂොප් කර වෙනස් කරන බවත් නමුත් ඇත්තටම උදරයේ ඇතිලෙන ස්වභාවය වැඩිදෙනෙකු මුහුණපාන ගැටලූවක් බවත් කියමින් සත්‍ය ඡායාරූප කරණයේ යෙදුණ ඡායාරූප ශිල්පිනී ෙජ්ඩ් ඛෙයිල් ඇය ලබාගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඒවා පහතින්

ටයිටැනික් ගායිකාවගේ සැමියා පිලිකාවෙන් මරුට

සුප්‍රකට ටයිටැනික් චිත්‍රපට තේමා ගීතය ගායනා කිරීමෙන් ජනාදරයට පත් ගායිකා සෙලින් ඩියෝන්ගේ ආදර සැමියා පිළිකා රෝගයෙන් මරුමුවට පත්ව තිඛෙනවා.

රෙනි ඇන්ජලී නමැති 73 හැවිරිදි ඔහු මෙම ගායිකාවගේ කළමනාකරු ලෙසද කටයුතු කළ අතර ඔවුන්ගේ විවාහයට වසර 21 කි. දරු තිදෙනෙකුගේ පියෙකුවූ රෙනි ඇන්ජලී උගුරේ හටගත් පිළිකාවක් නිසා මාස ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටියා.


සිය සැමියාගේ වියෝව නිසා අතිශය කම්පාවට පත්ව සිටින සෙලින් ඩියොන් ඉදිරි ප්‍රසංග සියල්ල අත්හිටුවා ඇතැයිද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

හැරී පොටර් මායාකරු ඇලන් පිලිකාවෙන් මරුට

බි්‍රතාන්‍යයේ ප්‍රකට වේදිකා හා සිනමා නළුවෙකු වූ ඇලන් රික්මන් ඊයේ මියගියා.

69 හැවිරිදි වියේදී පිළිකා රෝගයෙන් මිය ගිය ඔහු හැරී පොටර්, ඩයි හාර්ඩ්, ප්‍රින්ස් ඔෆ් තීව්ස් ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක ර`ගපෑමෙන් ලෝකය පුරා ප්‍රකටව සිටියා.
බෆ්ටා සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන වලින්ද පිදුම් ලද ඇලන් වසර 50 ක් තිස්සේ සිය බිරිය සමග වාසය කරමින් සිටියේ ලන්ඩනයේය.


පිළිකා රෝගය වැළඳුණු පසු ඔහුට චිත්‍රපට වැඩ වලින් ඈත්වන්නට සිදුව තිබුණ අතර පසුගිය දෙසැම්බර මාසයේ විවිධ සහනාධාර වෙනුවෙන් පැවැත්වූ ප්‍රසිද්ධ අවස්ථා කිහිපයකට පමණක් එක්ව තිබුණා. ඔහුගේ චිත්‍රපට දෙකක් පමණ ඉදිරියට තිරගත වන්නට නියමිතය.


හැරී පොටර්හි මායාකරු ලෙස ඔහු කළ රංගනය බොහෝ අයගේ සිත් කාවදින ර`ගපෑමක් විය.

වන්නි මෙහෙයුමට අදාල බුද්ධි වාර්තා හෙලි කරන්න එපා

වන්නි මෙහෙයුමට අදාළ රහස්‌ බුද්ධි වාර්තා හෙළිදරව් කිරීමෙන් වැළකිය යුතු බව හිටපු හමුදා බුද්ධි නිලධාරියෙක්‌ ඊයේ පැවසීය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් උපක්‍රම යොදවා මෙම රහස්‌ වාර්තා ලබාගැනීමට ක්‍රියාකරන බවද ඔහු සඳහන් කළේය.

වන්නි මෙහෙයුමට අදාළ තොරතුරු සපයන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රද් හුසේන් පසුගිය රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබිණි.

රහස්‌ පොලිසිය සතුව තිබූ රහස්‌ වාර්තාවක්‌ද ජිනීවා පරික්‍ෂණ මණ්‌ඩලයට ලැබී තිබූ බව පරීක්‍ෂණ මණ්‌ඩලයේ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර තිබූ බව හෙතෙම කියා සිටියේය.

අබිලිං මාමා ආයේ කෝපි කඩේ එන්නෙ නෑ

ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද (15) අභාවප්‍රාප්ත විය. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ "අබිලින්" ලෙස ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු මිය යන විට 67 වැනි වියේ පසුවිය.

හදිසියේ රෝගාතුරවී පසුගියදා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. හොඳ ගායකයකුවූ අබිලින් වේදිකා, චිත්‍රපට හා සිනමා නිර්මාණවලට සිය කලා හැකියාවෙන් දායකත්වය ලබාදුන්නේය.

දොම්පේ දෙල්ගොඩ උපත ලද කොඩිතුවක්කු මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අතර උතුරේ රාහුල, දේශපාලුවා, සොක්කානෝ රජාණෝ, කැකිල්ලේ වැනි වේදිකා නාට්‍යවලටද රංගනයෙන් දායකවී ඇත.

ඇඹිලිපිටිය ‍පොලීසියේ බොරුව අතේ පත්තුවෙයි

දැරිවියක් වැඩිවියට පත්වීමේ ප්‍රීතිය සමරමින් ඇඹිලිපිටියේ නිවසක පැවැති ප්‍රිය සාදයකට ‍පොලීසිය ගියේ එහි අධික ඝෝෂාවක් නැගෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් ඇඹිලිපිටිය ‍පොලීසියේ දුරකථනයට හා 119 හදිසි ඇමතුම් අංශයට ලද

ඇමැතුමකට අනුව බව ‍පොලීසිය නිල වශයෙන් සඳහන් කළ ද විමර්ශනවලින් දැන් අනාවරණය වී ඇත්තේ එම ඇමැතුම් ‍පොලිස් නිලධාරියෙකුගේ ජංගම දුරකථනයකින් ලබා දී ඇති බවය.

එම ඇමතුම ලබා දී ඇත්තේ ද එම ප්‍රියසාදය පැවැති නිවසට ගොස් මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා ගැටුමක් ඇති කර ගත්තේ යැයි ප්‍රදේශවාසීන් විසින් කියනු ලබන ‍පොලිස් නිලධාරීන් සිව් දෙනා අතර සිටි නිලධාරියෙක් විසින් බව ද හෙළි වී ඇත.

ඇඹිලිපිටිය ‍පොලීසියේ දුරකථනයට එම නිලධාරියාගේ ජංගම දුරකථනයෙන් ඇමතුම ලබා දී ඇත්තේ ඔවුන් ප්‍රියසාදයේ පැවැති නිවසේ නිවැසියන්ගෙන් මත්පැන් බෝතල් ඉල්ලා කලහකාරී ලෙස හැසිරීමෙන් පසුව බව විමර්ශනවලින් පෙනී යන බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව ඇඹිලිපිටිය ‍පොලීසියේ නිලධාරීන් ප්‍රියසාදය පැවැති නිවසට ගොස් ඇත්තේ එහි ඝෝෂා පවතින බවට ‍පොලීසියට කිසිදු පැමිණිල්ලක් හෝ දුරකථන ඇමතුමක් ලැබි නොමැතිව තිබියදී බවද ‍පොලිස් තොරතුරු සඳහන් කරයි.

මත්පැන් ඉල්ලා ගැටුම ඇති කර ගත් කණ්ඩායමේ සිටි නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයෙන් ‍පොලීසියට ලබා දුන් දුරකථන ඇමතුමෙන් පසු සහකර ‍පොලිස් අධිකාරීවරයාත් මූලස්ථාන ‍පොලිස් නිලධාරියා ඇතුළු කණ්ඩායම ප්‍රියසාදය පැවැති ස්ථානයට පැමිණ පහරදී තිඛෙන බව විමර්ශනවලින් පෙනී යන බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

නිල ඇඳුමින් සිටි ‍පොලිස් නිලධාරියෙකු ප්‍රියසාදය පැවැති නිවසේ සිරකරගෙන සිටි නිසා ඔහු බේරා ගැනීමට තමන් එම ගොඩනැගිල්ලට ඇතුළු වූ බව ‍පොලීසිය නිල වශයෙන් පැවැසුවත් එසේ කිසිදු නිලධාරියෙකු සිරකරගෙන සිට නැති බවත් නිල ඇඳුමින් සිටි නිලධාරීන් සිට ඇත්තේ මහ පාරේ බවත් විමර්ශනවලින් පැහැදිලිව අනාවරණය වී ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
 

Jan 14, 2016

මම සිල් බිඳ ගත්තේ ගීතය නිර්මාණය වුනේ මේහේමයි

දින තුනකින් ලක්ෂ හයකට ආසන්න රසික පිරිසක් නරබපු මියුසික් විඩියෝවක් ලංකාවේ මෑත ඉතිහාසයේ බිහිවුනා නම් ඒ ඉරාජ් වීරරත්නගේ මම සිල් බිඳ ගත්තේ යන ගීතයේ වීඩියෝව

කොහොම වුනත් මේ වීඩියෝව නිසා ඉරාජ්ට නදීෂාට හොදවගේම විවේචන ද එල්ල වුනා. සමාජ ජාල තුල විවිද නිර්මාණ රාශියක් මේ ගීතයට අදාලව තරුණ පිරිස් එළිදක්වනු ලෑබුවා.

මේවන විට අප වේබ් අඩවියට මම සිල් බිඳ ගත්තේ ගීතයේ නිර්මාණ කටයුතු සිදුකරපු ආකාරය දෑක්වේන විඩියෝවක් ලෑබි තිබේනවා..

එම විඩියෝව පහතින්... 

අනුරාධපුරයෙ සිට ලිපි අරන් පරවියන් 13ක් පැය දෙකෙන් කොළඹට

පුරාතන ලිපි හුවමාරු ක්‍රම සිහිගන්වමින් පරවියකු මාර්ගයෙන් පැය දෙකයි විනාඩි පහළොවක් තුළ අනුරාධපුරයේ සිට ඊයේ (13) කොළඹට ලිපියක් එවා ඇත.ලිපි හුවමාරුවට පක්ෂීන් යොදාගැනීම සම්බන්ධව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පැවැත්වීමට සමගාමීව මෙම ලිපි හුවමාරුව සිදුව තිබේ.

පරවියන් 13 දෙනෙකු යොදාගෙන විදුහල්පතිවරයා හා පාසල් දරුවන් විසින් කොළ කෑල්ලක සටහන් කරනු ලැබූ රහස් ප‚වුඩයක් පරවියන්ගේ එක් පාදයක ගැටගසා ඉහළ අහසට මුදා හැරි‚.

එම ප‚වුඩ පරීක්ෂා කර බැලීම සඳහා අනුරාධපුරයේ පදිංචි කසුන් නලින්ද මහතා පසුගිය 10දා වත්තල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබු‚.

අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටින් ඊයේ (13) පෙරවරු 8.26ට මුදාහරින ලැබූ පරවියන් පෙ.ව.10.45 වන විට වත්තල හැදල හන්දිය ප්‍රදේශයට පැමි‚ බවත්, පාසල් ළමුන් හා විදුහල්පතිවරයා එක්ව එවනු ලැබූ රහස් ප‚වුඩය ලැබුණු බව එහි ගිය කසුන් නලින්ද මහතා දුරකථන මාර්ගයෙන් පැවැසීය. පක්ෂීන් කිලෝ මීටර් 200කට ආසන්න දුරක් පැය 2යි විනාඩි 15ක් වැනි කාලයකදී ගමන් කිරීම පිළිබඳව දරුවන් මෙන්ම වැඩිහිටියෝද මවිතයට පත්වූහ.

වැඩසටහන සංවිධානය කළ වත්තල ප්‍රදේශයේ පදිංචි එම්. ලැනරෝල් මහතා මෙසේ පැවැසීය. මා විනෝදාංශය ලෙස කුඩා කළ සිට පරවියන් ඇති කරනවා. අද මා මෙවැනි වැඩසටහනක් අනුරාධපුර පාසලකදී පැවැත්වූයේ පාසල් ළමුන්ට අතීතයේ සතුන් මාර්ගයෙන් ප‚වුඩයක් යැවීමේ ක්‍රමයක් තිබූ බව පෙන්වීමටත් මා ඇති කරගන්න පරවියන්ගේ මතක ශක්තිය පරීක්ෂා කර බැලීමටත් යන කරුණු මුල් කරගෙනයි.

රටේ සාමය සංකේතවත් කිරීම සඳහාත් උතුරේ හා දකුණේ සමගිය තවත් වර්ධනය කිරීමටත් උතුරේ සිට පරවියකු හරහා ප‚වුඩයක් දකුණට එවීමට ඉදිරියේදී මා බලා‍පොරොත්තු වනවා යැයි ලැනරෝල් මහතා පැවැසීය. 

Jan 11, 2016

සම රැලි වැටීම වලක් වන ස්වාභාවික ඛෙහෙත් වට්ටෝරුව :දින 7 කින් අදහා ගත නොහැකි ප්‍රතිථල-

 අවාසනාවන්ත ලෙස සමෙහි රැලි වැටීම කාන්තාවන්ගෙන් සහවා තබාගත නොහැකි බව අප බොහෝ දෙනා දන්නා දෙයක්. බොහෝ කාන්තාවන් මේ රැලි පෙනුම වලක්වා ගැනීමට රූපලාවන්‍ය කටයුතු වල යෙදෙමින් සහ විවිද වර්ගවල ආලේපන ගල්වමින් වෙහෙසෙන ආකාරය දැකගන්න පුළුවන්.

එසේ වුවත් බොහෝමයක් මිල අධික ආලේපන පවා මේ සමේ රැලි පෙනුම ඉවත් වෙනවා කියා වගකියන්නේ නෑ. මේ ආකාරයෙන් කෘතිමව නිපදවන කිසිම ආලේපනයක් අපට සෙත සලසන්නේද නෑ.

මෙම ලිපියෙන් කියන්න යන්නේ ඔබව මවිතයට පත්කරන මෙම කරදරකාර සම රැලි වැටීම නැතිකරගන්න පූලුවන් ඛෙහෙතක් නිවසේදීම සාදා ගන්නා විදියක් ගැන. ඔබ මෙම නිවසේදිම සාදා ගැනීමට ගැකි ආලේපනය සාදා ගත්විට ඔබටම හිතේවි ඔබම මේ සමේ රැලි වැටෙන ගැටළුවට ඔබම වටීනා ඖෂධයක් ඔබ නිවසේදීම ඉතාමත් අසු පිරිවැයක් දරා සාදා ගත්තා කියා.

මම නිවස තුල සාදාගන්නා ඛෙහෙත සමට කදිම ඛෙහෙතක් එය සමට කාවැදී සමේ ස්වභාවය සම මට්ටමකට ගෙන එනවා, රැලි සහිත සම නැතිකර දමනවා, ඒවගේම පෙර තිබූ රැලි රහිත සම නැවත ගෙන එනවා.

මම ආලේපය සාදා ගන්නේ ආරක්ෂිතව සොයාගත හැකි ස්වාභාවික දේවල් කිහිපයකිනුයි. ඔබ ඔබගේ පැරණි සුන්දර සමට ආදරය කරනවානම් ඔබ මෙමෙ ඛෙහෙතටත් ආදරය කරාව්. ඔබට දින හතක් ඇතුලත වෙනස වටහා ගැනීමට පුළුවන්. ඒවගේම මෙම ආලේපනයේ විශේෂය වෙන්නේ ඕනෑම සමකට ගැලපීමයි. මෙය සදා ගන්නා ආකාරය දැන් අපි බලමු.

නිවස තුලම සාදා ගැනීමට හැකි ආලේපනය සෑදීමට අවශ්‍ය වන ද්‍රව්‍ය

· ආමන්ඩ් හෝ ඔලිවර් ඔයිල් මේස හැන්දක්.
· බිත්තර කහමද එකක්.
· මී පැණි තේ හැන්දක්
· වැස්ලීන් තේ හැදි දෙකක්

සාදාගැනීම සහ ආලේප කරන ආකාරය

ජල වාෂ්ප ආධාරයෙන් විනාඩි කිහිපයක් වැයකර වැස්ලීන් දියරයක් ආකාරයට පත් කරගෙන එයට බිත්තර කහමදය, තෙල් සහ මී පැණි එක්කරගන්න.

ඔබ මෙය තනි ආලේපයක් ලෙස සකසා ගත්පසු ඔබේ ආලේපය සූදානම්.

එය ඔබේ පැරණි ආලේප බදුනක තබාගන්න.

මෙමෙ ආලේපය ඔබගේ සමට ගැල්වූ විට මම කාර්යය ඔබේ සමේ සිදුවීමට පටන් ගනී. මිනිත්තු 30 කින් පසුව ඔබ මෙමෙ ආලේපය ලේන්සුවක් ආදාරයෙන් ඉවත් කරගන්න.

සටහන

මෙම ආලේපය පැයකට වඩා වැඩි කාලයක් සම තුළට අවශෝෂණය වේ. එමනිසා මෙය නිදාගැනීමට පැය දෙකකට පමන පෙර ආලේප කිරිම සුදුසුවේ. මෙම ආලේපය භාවිතා කිරීමෙන් පසු ශීතකරණයක තබන්න. පරිස්සමින් පරිහරණය කරන්න.

අවාසනාවන්ත ලෙස සමෙහි රැලි වැටීම කාන්තාවන්ගෙන් සහවා තබාගත නොහැකි බව අප බොහෝ දෙනා දන්නා දෙයක්. බොහෝ කාන්තාවන් මේ රැලි පෙනුම වලක්වා ගැනීමට රූපලාවන්‍ය කටයුතු වල යෙදෙමින් සහ විවිද වර්ගවල ආලේපන ගල්වමින් වෙහෙසෙන ආකාරය දැකගන්න පුළුවන්.

උදරය ඉදිරියට නෙරා ඇවිත් ද? මෙන්න අඩුකරගන්න විදිය

උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.
ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.

2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න.
සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.
සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

4. හැකි පමණ ජලය පානය කරන්න.
මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

5. අමු සුදු ළූණු අනුභවය කරන්න.
පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙරඅමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්‍යක්ෂම වෙනවා.

6. මස් මාංශ අනුභවය හැකි


පමණ අඩු කිරීම.
අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය.

7. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.
මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා.

8. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.
කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා. 


උපදෙස්: ප්‍රවීන රූපලාවන්‍ය උපදේශක නිමේෂා විඡේගුණවර්ධන

ගඩාෆි මරා ඇල්ලූ ලිබියාව දැන් IS ත්‍රස්තයින් අල්ලන ලකුණු ?


මුවම්මර් ගඩාෆි මරා දමා ඇල්ලූ ලිබියාව මේ වන විට ක්‍රමක් ක්‍රමයෙන් අයිඑස් ත්‍රස්ත වාදීන්ගේ ග්‍රහණයට නතු වෙමින් තිබෙන බවක් විදෙස් මාධ්‍ය වාර්තා සදහන්

කර සිටී.ලිබියාවේ පිහිටි තෙල් ටැංකි අත්පත්කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින අයි. එස් ත්‍රස්තයින් මේ වන විට අයි එස් ත්‍රස්තයින්ගේ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා තෙල් ටැංකි සහිත ප්‍රදේශවල මහා පිපිරීම් ඇතිවී විශාල ගින්නක් පැතිරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
ගඩාෆි පාලනය බිදවැටීමෙන් පසු මේ වන විට ලිබියාව තුළ පවතින්නේ දැඩි අවිනිශ්චිත වාතාවරණයකී.

වැලිමඩ නොසන්සුන් - ආරක්ෂාව සදහා STF කැඳවලා


වැලිමඩ නගරයේ සුරාසලක ඇති වූ ආරවුලකින් පසුව අද පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ. පසුගිය 31 වැනිදා ණයට මත්පැන් පානය සදහා එහි ගිය බව කියන 29 හැවිරිදි පුද්ගලයකු පහර කෑමට ලක්ව රෝහල්ගත කර සිටියදී ඊයේ

රාත්‍රියේ මිය ගියේය. අනතුරුව ප්‍රදේශවාසීන් විසින් වැලිමඩ බණ්ඩාරවෙල පාරේ ඩයරබාවත්ත සමීපයේ එම සුරාසලට පහරදී ඇතැයිද ඉන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බවද පොලිසිය පවසයි.
ඔවුන් ගස් කපාදමා මාර්ග අවහිරකර ඇති අතර වතු නාමපුවරු ද විනාශකර දමා ඇත. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වනවිට යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ ඇඹිලිපිටියේ යයි. නිවැරදි විස්තර හොයන්නලූ


පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අතර සිදුවූ ගැටුම පිළිබඳව නිසි විස්තරයක් මාධ්‍යයට ලබා දීමේ අරමුණ ඇතිව පොලිස්

මාධ්‍ය ප්‍රකාශකවරයා අද (11දා) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වේ. මෙම සංචාරයේදී ඇඹිලිපිටිය පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන ආකාරය සහ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමටද සැලසුම් කර තිබේ.
මීට අමතරව අධිකරණ කටයුතුවලදී අදාළ සිදුවීම් පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් පත් කරන නීතිඥයන්ටද මෙම සංචාරයේදී ලබාගන්නා තොරතුරු ලබාදීමට සැලසුම් කර ඇතැයිද සඳහන් වේ

SEX අවුස්සන කෝපි සහ චුයිම්ගම් සමඟ 2ක් කොටු වේ


ලිංගික උත්තේජනයට යොදා ගන්නා බව කියන කෝපි පැකැට් සහ චුයිම්ගම් විශේෂයක් සමඟ ගබ්සා පෙති සහ වේදනා නාශක පෙති තොගයක් ළඟ තබාගෙන සිටියදී ඉකුත්දා (7දා) දහවල් පමුණුගම ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගෙන

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමටත් අනෙක් සැකකරු අද (11දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මීගමුව මහෙස්ත්‍රාත් ඩී. එම්. සී. එම්. ධනංසූරිය මහත්මිය නියම කළාය.
අත්අඩංගුවට ගෙන ඇති මෙම කෝපි පැකැට් තොගය සහ චුයිංගම් විශේෂය ලිංගික උත්තේජනයක් ලෙස මෙරට තුළ භාවිතයට ගන්නා බවට තොරතුරු අනාවරණය වන මුල්ම අවස්ථාව මෙය විය හැකි බවද ගම්පහ දිස්ත්‍රික් ඔෟෂධ පරීක්ෂක නීතිඥ බණ්ඩාර මහතා පැවැසීය.

හොර රහසේ වෙළෙඳපොළට යැවීම සඳහා මෙම ඔෟෂධ තොගය ළඟ තබාගෙන සිටියදී මීගමුව කොට්ඨාසයේ විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ඔෟෂධ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන නමුත් ඊට වඩා වැඩි මිලකට මේවා අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය වන බවද ආහාර හා ඔෟෂධ පාලන අධිකාරියේ නිලධාරියෙකු පැවැසීය.
ආහාර සහ ඔෟෂධ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් පරීක්ෂකවරුන් වන නීතිඥ ඩී. ආර්. ඩබ්ලිව්. බණ්ඩාර සහ ඒ. ජේ. එම් නියාස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වැලිවිට මහතාගේ අධීක්ෂණය යටටෙත් මීගමුව මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආනන්ද හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර මෙම ඔෟෂධ තොගය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.



ගම්පහ දිස්ත්‍රික් ආහාර සහ ඔෟෂධ පරීක්ෂකවරුන් වන නීතිඥ බණ්ඩාර සහ ඒ. ජේ. එම්. නියාස් යන මහත්වරුන් නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ජිනීවන් සිවරාසා දුම්රියට පැන්න සිසුවාට උපහාර පුදයි


ජනපති සමාව ලැබූ හිටපු කොටි සාමාජික ජිනීවන් සිවරාසා යාපනයේ කෝපායි වෙත ගොස්‌ දෙමළ සිරකරුවන් නිදහස්‌ කරන්නැයි ඉල්ලමින් දුම්රියට පැන සිය දිවි නසාගත් සෙන්තුරන් රාඡේෂ්වරන් වෙත උපහාර දක්‌වා ඇත. මෙම පාසල් සිසුවා

දුම්රියට පැන සිය දිවි නසාගත්තේ නොවැම්බර් 26 වැනිදාය. සිවරාසා මෙම පාසල් සිසුවාගේ දෙමාපියන් හමුවී සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. ඉදිරියේදී දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින බව සිවරාසා පවසා තිබේ.

කොණ්ඩේ කපන් එන්න කිව්වම ඔළුව පැලෙන්න ගහල


ලබුදූවේ පාසලක විනය බාර සහකාර විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙස සිසුවෙකුට අවවාද කිරීමෙන් පසුව එම සිසුවා ඉන් ටික වේලාවකට පසුව සහකාර විදුහල්පති සිය කාර්යාලයේ වාඩිවී වැඩක යෙදී සිටියදී විකට් ඉන්නක්

රැගෙන පැමිණ ඔළුවට පහර දී ඇති පුවතක් අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ. සිසුවාගේ පහර කෑමට ලක්වූ විදුහල්පතිවරයා මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තා කරු කියා සිටියා.

Jan 9, 2016

2016 ෆේස් බුක් වෙතින් ලෝකයේම ෆෝන් නම්බර අතුගා දමන අලූත් ක්‍රමයක්

2016 නව වසරේ ෆේස් බුක් සමාගම තාක්ෂණික විප්ලවයක් අරඹන බවත් එමගින් ලෝකයේම දුරකථන අංක වෙනුවට පුද්ගල සන්නිවේදනය අලූත් කරවන ක්‍රමයක් හඳුන්වාදෙන බවත් ෆේස් බුක් සමාගම දන්වා සිටී.

ෆේස් බුක් මෙම ක්‍රමය යොදන්නට යන්නේ දැනට මිලියන 800 ක් සාමාජිකත්වය ලබා සිටින ෆේස් බුක් මැසෙන්ජර් නමැති ජංගම දුරකථන ඇප් එක ප්ලැට්ෆොම් එක්ක ලෙස වර්ධනය කිරීමෙනි.


එමගින් අකුරු ටයිප් කර චැට් කිරීමට වඩා වැඩි දෙයක් කරන බවත් දුරකථන ඇමතුම් ලබාගැනීමට,පටිගත කළ හ~ යැවීමට,වීඩියෝ යැවීමට,ඡායාරූප යැවීමට මෙන්ම මුදල් හුවමාරු කිරීමටද මෙමගින් හැකි වන ලෙස වැඩිදියුණු කරන බවත් ඔවුන් පවසනවා.

සාම්ප්‍රදායික දුරකථන අංක මගින් පුද්ගලයින් ඇමතීමට එහාගිය කාර්යයක් මින් ඉටුවන බව ෆේස් බුක් මැසෙන්ජර් අංශයේ ප්‍රධානී ඩේවිඩ් මාර්කුස් මේ ගැන විස්තර කරමින් පවසා ඇත. 

නූතන රොබින්හුඩ් අත්අඩංගුවට

මෙක්සිකෝවේ සිනියෝලා මත්ද්‍රව්‍ය කල්ලියේ නායක එල් චාපෝ ගුස්මාන් එරට ත්‍රිවිධ හමුදාව සිදුකළ මෙහෙයුමකදී ඊයේ අත්අඩංගුවට ගෙන තිඛේ.

ඔහු ලොව මුල් පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙයි.

මීට මාස 6කට පෙර ඔහු මෙක්සිකෝවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකින් පළා ගියේ කිලෝමීටර් එක හමාරක් දිගැති උමඟක් තනමින්. 

ඇමරිකා එක්සත් ජනපදය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ඩොලර් මිලියන 5ක ත්‍යාග මුදලක් ද ඉදිරිපත් කර තිබුණා.

1993 වසරේ ගෝතමාලාවේදී ප්‍රථමවරට අත්අඩංගුවට ගැනුණු එල් චාපෝ 2001 වසරේදී බන්ධනාගාරයේ ඇදුම් කූඩයක සැඟවී පළා ගියේ නිලධාරීන්ට අල්ලස් ලබාදෙමින්. 

අනතුරුව වසර 13ක් නිදැල්ලේ සිටි ඔහු 2014 වසරේදී යළි අත්අඩංගුවට ගත් අතර ඔහු නැවතත් පසුගිය ජුලි මාසයේ බන්ධනාගාරයෙන් පළා ගියේය.

ලොව දරුණුතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයා වුවත් එල් චාපෝ ගුස්මාන් ඔහු වාසය කරන සිනියෝලා ප්‍රාන්තයේ වැසියන් හදුන්වන්නේ නූතන යුගයේ රොබින්හුඞ් ලෙසයි. 

ප්‍රින්ස්ගේ ජීවිතයේ නොකියවුණු දුක්බර කතාව

ප්‍රින්ස් උදය ප්‍රියන්ත බරපතළ ලෙස රෝගාතුරව මේ වන විටත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුගේ තත්ත්වය පිළිබඳව සොහොයුරිය වන ශිරෝනි ප්‍රනාන්දු අප වෙත සඳහන් කළේ මවගේ මරණයෙන් පසුව ප්‍රින්ස් ඇතුළු පවුලේ ආර්ථිකය බිඳ වැටුණු බවයි.

" අපේ අම්මා ප්‍රින්ස් එක්ක ඩුබායි ගිය වෙලාවක අසනීප වුණා.ඩුබායි රෝහලකට ඇතුළත් කරලා ප්‍රතිකාර කළත් ඇය අපෙන් සමුගත්තා.අවසානයේ සිරුර ලංකාවට ගෙනාවේ දින කිහිපයක්ම පහුවෙලා.ඒ සඳහා වියදම් කිරීමත් සමග ආර්ථිකය එතරම් යහපත් වුණේ නැහැ"

මේ අතර "සඳ කුමාරියක්" ගීත එකතුව තුළින් ගී ලොවට ආ ප්‍රින්ස් උදය ප්‍රියන්තට ලැබුණු සංගීත ප්‍රසංගද අඩුවී තිඛෙනවා.

පරණ අයට තිබ්බ අවස්ථාව අඩු වීමත් සමග ප්‍රින්ස්ටත් ප්‍රසංග අඩුවුණා.ඒ වගේම එයාට අවුරුදු පහක විතර ඉඳලා දියවැඩියාව දරුණු විදිහට තිබ්බා.මේ සියල්ල මැද ප්‍රින්ස්ගේ ආදායම අඩු වුණා.

ප්‍රින්ස් තවමත් අවිවාහකයෙක්. ඔහුව බලා ගන්නේ මේ සොහොයුරියයි. රෝහ‍ලේ බිල දරා ගන්න අමාරු නිසා මධු මාධව අරවින්ද සහ ඛෙල්වුඩ් මිතුරන් ප්‍රසංග පවත්වා ආධාර කිරීමට කැමැත්තෙන් සිටින බවයි ශිරෝනි ප්‍රනාන්දු සඳහන් කළේ. 

හිරුණිකා ඇපමත නිදහස්

අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  අධිකරණය විසින් ඇපමත නිදහස් කර තිබේ.

අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඇයගේ නිවසේදී මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගෙන මූලික ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත නිදහස් කිරීමට නියෝග කරන ලදී.

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා  මීට පෙර සඳහන් කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් අදාල තරුණයා පැහැරගෙන ගොස් තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිට පෙර හිරුණිකා ප්‍රේමවචන්ද්‍ර මහත්මියගේ සහයකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇප මත මුදාහැරිමට අධිකරණය නියෝග කරන ලදි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනිමේ හැකියාව පිළිබඳ නීතිපතිවරයාගෙන් කරුණු විමසීමක් ද සිදු කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා අද පෙරවරුවේ දැනුම්දී තිබුණේ අදාළ තරුණයා පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමවචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනිමට හැකියාව පවතින බවයි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලදී.

එහිදී අධිකරණය මගින් ඇයව ඇපමත නිදහස් කිරීමට නියෝග කළේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සහකාර පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා  සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩරයකින් දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙනයාම හා පහරදීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබී තිබුණි.

එබැවන් එම උපදෙස් අනුව පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මීට පෙර අද දෙරණට කියා සිටියේය.

පසුගිය දිනෙක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී තිබුණු අතර පවුල් ප්‍රශ්නයක් ඊට මුල්වී තිබුණු බව කියැවිණි.

එ‍සේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ එම සැකකටයුතු පුද්ගලයින් තමා විසින් පොලීසියට බාරදීමට කටයුතු කළ බව හා මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

පොදු අපේක්ෂකයා පැරදුණා නම් ප‍්‍රබලයින් රුසකගේ ඉරණම මෙයද? 8වෙනිදා හමුදා කුමන්ත්‍රනය මෙයද?

   
 
2015 ජනවාරි 9දා උදෑසන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල පොල්වත්තක සිටිය දී අත් අඩංඟුවට ගත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම 09දා වන විට සිය අඳුරු කුටිය තුළ වසරක කාලයක් සම්පූර්ණ කරයි. හුදකලා කුටියක රඳවා සිටින ඔහු බැලීමට අවසර දී ඇත්තේ ඒ මහතාගේ බිරිඳට පමණි. ඔහුගේ වැසිකිළය ද නිදන කාමරය ද සක්මන් මළුවද බවට දැන් පත්ව ඇත්තේ මෙම කුඩා අදුරු කාමරය යි. සමාව ඉල්ලා වරද බාර ගන්නේ නම් ඔහු නිදහස් කරන ලෙස තමා ඉල්ලා සිටින බවට ප්‍රකාශයක් නිමල් සිරිපාල විසින් මෑත දී කරන ලදී.

2015 ජනවාරි 08දා ජනාධිපතිවරණ ප්‍රතිපල විකාශනය එළිවවන ජාමයේ අතර මැද නතර කරන ලද ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාව බරහිරට උගස් කොට කොටි සංවිධානය යළි පණ ගන්වා අසල්වැසි රටක් හා එක්ව ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී ඇතැයි ජාතිය අමතා ප්‍රකාශ කළේ ය‍.

එම චෝදනා සත්‍ය බවට සාක්ෂි ඉදිරිපත් කරන ලද්දේ එජාප හිටපු ලේකම් අත්තනායක සමඟ ජනාධිපතිවරණ දින රාත්‍රී රාජපක්ෂ සමඟ එක් වූ එජාප ප්‍රධානියකු සහ හෙළ උරුමයෙන් කැඩි ගිය බුද්ධිමතුන් දෙදෙනෙකි.

      ඇමෙරිකානු ජනාධිපති ඔබාමා ද ඉන්දීය අගමැති මෝඩි ද ජනාධිපති රාජපක්ෂට 9දා උදෑසන දුරකථනයෙන් කතා කොට සිරිසේන මහතාගේ ජිවිතයට අනතුරක් නොවන බවට සහතිකයක් ලබා ගත් බව තතුදත් විදෙස් පුවත් සේවා වාර්තා කළේ ය. එසේ නොවී නම් යොදවා තිබූ ඝාතන කණ්ඩායම් තුනෙන් එකක් විසින් නියතවම ඔහු අත් අඩංඟුවට ගැනීමේ දී විරුද්ධකම්පෑම යන කාරණය පෙන්වා මරා දමන්නට ඉඩ තිබූ බව ද වාර්තා විය.

     නියෝජ්‍ය පොලිස්පති සේනානායක 09දා අළුයම මැතිවරණ කාර්යාලය සිය යටතට ගත් අතර එහි විදුලිය විසන්ධි කරන ලදී. රාජගිරිය පෙදෙසෙ සම්පූර්නයෙන්ම යුද හමුදා පාලනයට යටත් කොට තහනම් කලාපයක් බවට පත් කරන ලදී. එම අවස්ථාවේදීම රටපුරා ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැටලූ දාමරික පිරිස් ජන්ද පත්‍රිකා ගිනි තබා විනාශ කරන ලදදේ නිල ආරක්ෂයින් බලා සිටිය දී ය.

     තමා බේරා ගත් රට යළි කිසිදු විටෙක ඛෙදා වෙන් කිරීමට ඉඩ නොතබන බවට 09දා උදෑසන තර්ජනාත්මකව ජාතිය ඇමතූ රාජපක්ෂ සමඟ පොලිස්පති, හමුදාපති. නාවික හමුදාපති සහ ජි.එල්. සහ මොහාන් යන පිරිස්ලා දෙපොල ද පෙනී සිටියේ ය.
රාජපක්ෂගේ තීරණය අන්තර් ජාතික නීතිය අනුව නිවැරදි බවට දීර්ඝ ප්‍රකාශයක් ජී.එල්. පීරිස් කළ අතර මොහාන් පිරිස් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ඉහළින්ම අනුමත කරන බවයි.

     ජනාධිපතිවරණය ප්‍රතිඵල කුමක් වුවත් තව දෙවසරක කාලයක් ජනාධිපති ධුරය අයත් වන්නේ රාජපක්ෂ මහතාට බැවින් මෙම තීරණය රට රැක ගැනීමේ කෝණයෙන් ඉතාම නිවැරදි තීරණයක් බව ජනවාරි 09දින උදෑසන 6.00ට සියලු නාලිකා මගින් විකාශනය කරන ලද විශේෂ රූපවාහිනී සාකච්ජාවකට එක්වෙමින් ද ජනාධිපති රාජපක්ෂගේ කතා ලියන්නන් වන ජයතිලක, දිසානායක සහ සමරනායක පැහැදිළි කළෝ ය.

09 දින එළිය වැටීමට පෙර කොළඹ වටා යුද හමුදා ආරක්ෂක වළල්ලක් යෙදවා අවසන් බවත් මෙම ක්‍රියාන්විතය යුද්ධ ජයග්‍රහණයෙන් පසු මෙරට සිදුවන අතිශය තීරණාත්මක මෙහෙයුම බව යුද හමුදාපති විශේෂ නිවේදනයක් මගින් කියා සිටියේ ය.

    ගාලු මුවදොර පිටියෙහි කඳවුරු බැඳ සිය ගුවන් යානා නාශක තුවක්කු ස්ථාන ගත කළ ගුවන් හමුදාව කියා සිටියේ සිය දිවි දෙවැනි කොට ශ්‍රී ලංකා ගගන තලය ඛෙදුම්වාදීන්ට සහය දෙන රටවලින් ආරක්ෂා කිරීමට සූදානම් බවයි. තොරාගත් පිරිස් කැඳවා ගුවන් හමුදා වෙඩිමුර සංදර්ශන පැවැත්වීමට ගාලු මුවදොර පිටිය වෙන් වී තිබේ.

රාජද්‍රෝහියකු සේ හංවඩු ගසන ලද මෛත්‍රීපාල සිරිසේන විරෝධී පෝස්ටර් බාරව ලේක්හවුසිය කටයුතු කරයි.

2015 ජනවාරි 09දා මධ්‍යනය වන විට සියයකට වඩා විපක්ෂ නායක නායිකාවන් සහ සිවිල් සමාජ ප්‍රධානීන් නිවාස අත් අඩංඟුවට පත් කරන ලදී. ඔවුන් බොහෝ දෙනෙකුගේ නිවාස දාමරික නිල් බලකා පිරිස් විසින් ගිනි තබන ලදී. මංගල සමරවීර, අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න සහ සරත් පොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන ලද්දේ ජනාධිපති ආරක්ෂක අංශය විසිනි. හිටපු මංත්‍රී විජිතමුනි ද සොයිසා වාහන අනතුරකින් ගිනිගෙන මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ ය. එවැනිම මාරක අනතුරකින් දිවි ගලවා ගත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක දැන් ගමන් කරන්නේ රෝද පුටුවෙනි.

තිස්ස අත්තනායක එජාප නායකයින්ගේ දූෂණ සොයන අධි බලැති කොමිසමෙහි ජනාධිපතිගේ නියෝජිතයා ලෙස කටයුතු කරයි. එම කොමිසමට නඩු විමසා දඩුවම් නියම කිරිමේ බලය ද තිඛෙන අතර චූදිතයින්ගේ ප්‍රකාශ සාක්ෂි වශයෙන් එය පිළිගනී. මාරපන එම කොමිසමෙහි විත්තියේ නීතිඥ ලෙස පත් කරන ලද්දේ ජනාධිපති රාජපක්ෂ විසිනි.

ප්‍රදේශ ගණනාවකදී ම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කරන සේ ඉල්ලා විදී බට ජනපිරිස් වෙඩි තබා ඝාතනය කරන ලද ජායාරූප අන්තර් ජාල මුහුණු පොතට එක් කරන ලද්දේ රහස් කේත භාවිතයෙනි. අඩුම වශයෙන් දහසකට වැඩි පිරිසක් එළෙස ඝාතනය කරන ලද බව අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරයි. මුහණු පොත මාස දෙකක් යන තුරු වසා තබන ලද අතර දැන් එය සීමා සහිතව විවෘත කර තිබේ.

සියළුම දුරකථන සහ අන්තර් ජාල ප්‍රකාශන නිරීක්ෂණය කිරීම පිණිස නෙළුම් පොකුණ ජනමාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙයි. වීන සහ ඉරාන ඉංජිනේරුවන් සිය ගණනාවක් එහි උපදේශකයින් ලෙස සේවය කරයි.

රාජද්‍රෝහී පිරිස් සොයා බලා අත්අඩංගුවට ගැනීම නාමල් නිල් බලකායට පැවැරී තිබේ. එයට ආයුධ සැපයීම රක්නා ලංකා විසින් සිදු කැරේ. එමෙන්ම එය ස්වකීය රැදවුම් කඳවුරුද පවත්වා ගනී.

මවිතකර බෝම්බ පිපිරීම් ගණනාවක්ම සිදු වූ උතුරු නැගෙනහිර යුද්ධ පාලනයකට පත් කරන ලදදේ කොළඹට රැස්වූ දසදහස් ගණන් දැක්වූ ජයඝෝෂා මැද ය. උතුරු නැගෙනහිරය යාම පිණිස දුන් මුර කපොලු ගණනාවක් පසු කළ යුතු ය‍.
කලබල නොකරන ලෙසත් තමා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රාජපක්ෂ පාලනය සමඟ කටයුතු කරමින් ප්‍රශ්ණ විසදා ගන්නා තුරු නිහඩව නිවෙස්

වලට වී සිටින ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ජනවාරී මාසය පුරාම සියලු රෑපවාහිනී නාලිකාවන්හි ප්‍රචාරය කරන ලදී. ඔහු දැන් ඉතා සුලු කණ්ඩායමක් සමඟ පාර්ලිමේනතු විපක්ෂ නායක ධුරය හොබවයි.

සුවිශේෂ බලතල සහිත රටරැක ගැනීමේ මාධ්‍ය ඒකකය ජනවාරි 09දා සිට මේ දක්වාම ජයතිලක, සමරනායක සහ දිසානායක යන තිදෙනා යටතේ ක්‍රියාත්මක වෙයි. සෑම දිනකම සියලු රූපවාහිනී නාලිකා ඒකාබද්ධ කර පැයක ශ්‍රී ලංකා මාතා නම් වැඩ සටහනක් එම තිදෙනා විසින් මෙහෙයවයි. එහි සේවය පිණිස යුද හමුදා මාධ්‍ය වේදීන් කැඳවන ලදී. සෑම ජනමාධ්‍ය ආයතනයකම එවැනි ආරක්ෂක අංශ මාධ්‍ය වේදීහු දැන් නිල වශයෙන් යොදවා සිටිති. ඔවුන් සම්බන්ධිකරණය කරන්නේ රාජපක්ෂ උපදේශකයකු ලෙස සිටි සුමනසේකර විසිනි. එහි රෑපවාහිනී අංශය රාජපක්ෂවාදී රෑපවාහිනීකරුවකු වූ සමරවික්‍රම භාරයේ පවතී.

- සුනන්ද දේශප‍්‍රිය - උපුටා ගැනීම - ශ‍්‍රී ලන්කන් ගාර්ඩිියන් වෙබ් අඩවිය

ඔබ වැනි නායකයෙකු මීට වසර 50කට පෙර හිටියනම් ජනපති මෛත්‍රී ඝාතනයට පැමිනි‚ බෝම්බකරු දැන් කියන කතාව

       
ගිය ජනවාරි අට වැනිදා රටට වෙනසක් වුණා මේ අවුරුද්දේ ජනවාරී අට වැනිදා මගේ ජීවිතය වෙනසක් වුණා.˜ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2006 වර්ෂයේදී එවකට ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළ අවදියේදී ඒ මහතා ඝාතනය කිරීම සඳහා පැමි‚ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු වන සිවරාජා ජෙනිකන් පවසයි.

අත්අඩංගුවේ පසුවු සිවරාජා ජෙනිකන් පසුගිය දින ජනාධිපති සමාව හිමි වී නිදහස් විය.ඉන් අනතුරුව සිවරාජා ජෙනිකන් අද දිනයේ —දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා˜ පසුගිය දින යාපනයේදී දුම්රියට පැන දිය දිවි නසාගත් සිසුවාගේ නිවසට ගොස් පැමි‚ අවස්ථාවේදී අදහස් දැක්වුවේය.


එහිදී සිවරාජා කියා සිටියේ තමාව නිදහස් කළා මෙන් බන්ධනාගාරයේ සිටින අනෙකුත් දේශපාලන සිරකරුවන්ද නිදහස් කරන ලෙසයි.

මම ඉපදෙන්න පෙර සිට මෙරටේ ප්‍රශ්න තිබුණා ඒ නිසා තමයි මට දේශපාලන සිරකරුවෙකු සිදුවිමට සිදුවුණේ.මේ සියලූ‍ ප්‍රශ්න වලට වගකිව යුත්තේ දේශපාලඥයින්ම තමයි. ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නේ නෑ දේශපාලඥයින් මේවට ඒ දවස්වල සිටම පිළිතුරු සොයලා තිබුණානම් යනුවෙන් ඔහු අදහස් දක්වන ලදී.

ජනාධිපතිතුමනි මම මගේ ස්තුතිය ගෞරවය හිස නමලා පුදකරනවා.ඔබ වැනි නායකයෙකු මීට වසර 50කට පෙර හිටියනම් රටේ අර්බුධ ඇති නොවෙන්න තිබුණා .මේ ජනාධිපතිවරයාගේ කාලයේදී ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගන්න යුතු යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා ති‍බේ.

Jan 2, 2016

ලොකු කට්ටක් කාලා හරි බලාගන්න වටින ගායකයෙක් නිසා මාත් ගියා.

සෑහෙන්න කට්ටක් කාලා එන්රික්ව බලාගත්තානේ?
සෑහෙන්න කට්ටක් කාලා කියන්නේ මෙහෙමයි. ලංකාවට ඒක ලොකු දෙයක්. ඒ වගේ ලොකු ආර්ටිස් කෙනෙක් ලංකාවට ආව එකත් ලොකු දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ලොකු කට්ටක් කාලා හරි බලාගන්න වටිනා ගායකයෙක් නිසා මාත් ගියා.


 

ටිකට් එකටත් සෑහෙන්න වියදම් කරන්න ඇති?
එන්රික් වෙනුවෙන් මම එතැන තිබුණ ලොකුම ටිකට් එක ගත්තා. ඉස්සරහින්ම ඉඳන් මට එයාව බලන්න ඕන වුණා. ඒ නිසා හොඳම ටිකට් එක ගත්තා.

ඒ කියන්නේ 50,000ක්?
හරියටම මතක නෑ. 35ක් හරි 45ක් වගේ හරි ගාණක්.

ඒ ටිකට් එකට මොන වගේ පැකේජ් එකක්ද ඔයාට ලැබුණේ?
අනේ මම ඒවා එච්චර බැලූ‍වේ නෑ. මට අනෙක් පැකේජ් වැඩක් වුණේ නෑ. මොකද මට ඒවා වැඩක් නෑ. ආර්ටිස්ව බලන්න විතරයි මට ඕන වුණේ. අනෙක් පැකේජ් බැලූ‍වේ නෑ ඇත්තටම.

සාමාන්‍යයෙන් ලෝකේ අනෙක් රටවල එන්රික්ගේ ප්‍රසංග පැය දෙකහමාරක් තුනක කාලයක් පුරාවට පැවැත්වෙන අංග සම්පූර්ණ ප්‍රසංග වුණත් මේ ප්‍රසංගය පැයකට සීමා වුණා. 

ඉරාජ් මොනවා කිව්වත් මේක එන්රික් පෙනිලා යන්න ආව ෂෝ එකක් විතරයි?
නෑ. මං හිතන්නේ එයාගේ ඔක්කොම ප්‍රොෆෝමන්ස් එයා ප්ලේ කළා.

සවුන්ඩ් සිස්ටම්වලත් කොලිටියක් තිබිලා නෑනේ?
මෙහෙමයි. මේක ලංකාව. ලංකාව වුණාම ජාත්‍යන්තරයේ තියෙන ලොකු දේවල් අපිට කරන්න අමාරුයි. මමත් ආර්ටිස් කෙනෙක් හැටියට මම දන්නවා අපි ෂෝස්වලට ගියාම සමහර වෙලාවට සවුන්ඩ් අවුල් ඒවා තියෙනවා. ඒවා මේ රටේ පොඩි දේවල්. තාක්ෂණය පැත්තෙන් ප්‍රශ්න තියෙනවා. ඉන්ටර්නැෂනල් මට්ටමේ කරන ලොකු වැඩ කරන්න අමාරුයි තාම. පොඩි පොඩි වැරැදි තියෙනවා. මට නම් ඒවා එච්චර ලොකු අවුලක් වුණේ නෑ.

සෙනඟ මැද්දෙන් පෙරළාගෙන ස්ටේජ් එකට නැඟපු ගෑනු ළමයා කවුද ඉරාජ්?
ගෑනු ළමයෙක් ස්ටේජ් එකට නඟිනවා දැක්කා. එයා කවුද කියලා නම් මම අඳුර ගත්තේ නෑ. ඒක ඉතින් සාමාන්‍ය දේවල්නේ. මයිකල් ජැක්සන්ගේ 80, 90 දශකයේ පරණ වීඩියෝ දැකලා තියෙනවානේ. ඒවා එක්ක බලද්දි මේක ඉතාම සුළු දෙයක්.

ඉරාජ්ටත් ලංකාවේ ප්‍රසංගවලදී ඒ වගේ අත්දැකීම් ලැබිලා තියෙනවද?
අනිවාර්යයෙන්ම ඒ වගේ අත්දැකීම්වලට මුහුණ පාලා තියෙනවා. මේක මේ ලංකාවේ වුණු පළමුවැනි වතාව නෙවෙයිනේ. ඔය වගේ දේවල් වෙලා තියෙනවා මේ රටේ.

මෙච්චර සෙනඟ ගොඩාක් මැද්දේ එයා කොහොමද ස්ටේජ් එකට නැග්ගේ? ආරක්ෂකයෝ හිටියේ නැද්ද?
ඒ ආර්ටිස්ට තියෙන ආදරේ හින්දා.

ෂාරුක් ඛාන් ආව වෙලාවේ මතකයිනේ. ඉතින් මේ ගෑනු ළමයා නැග්ග වගේ බෝම්බයක් අරගෙනත් කාට හරි ස්ටේජ් එකට නඟින්න පුළුවන් විදියටද මේ ෂෝ එක සංවිධානය කරලා තිබුණේ?

එහෙම එකක් නම් තියෙනවා තමයි. නමුත් ඒ ආර්ටිස් මුකුත් කම්ප්ලේන් එකක් කළේ නෑනේ. එන්රික් බොහොම ආසාවෙන් තමයි ඒ ගෑනු ළමයාව ස්ටේජ් එකට ගත්තේ. ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.

එතකොට අර බ්‍රෙෂියර් එකක් විසි කරපු එක? 
ඇත්තටම ගෑනු ළමයෙකුට ඒ වගේ දෙයක් කරන්න එතැන ඉඩක් තිබුණද? සංවිධානය කරලා කරපු වැඩක් වෙන්න බැරිද?
නෑ ඉතින් ඕක එච්චර හිතන්න නරකයි. මොකද ඉතින් ස්ටේජ් එකට විසි කළා එච්චරයි. මීඩියාවලිනුත් මං දැක්කා ඕක අවුස්සනවා.

මීඩියාවලින්ම නෙවෙයිනේ ඉරාජ් රටේ ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළේ නැවත මේ වගේ අසභ්‍ය දේවල් වෙන සංදර්ශන පවත්වන්න ඉඩ දෙන්නේ නෑ කියලානේ?
ඔව්. ජනාධිපතිතුමා කිව්වේ අපේ රටේ කල්චර් එකක් තියෙනවා. අපේ ඉතිහාසයක් තියෙනවා. ඒක ගැන හිතලා හැසිරෙන්න කියලානේ එතුමා ප්‍රකාශ කළේ. ඒ කතාවත් ඇත්ත. ඒක නොසලකා හරින්න බෑ. 

Jan 1, 2016

මීයෙක් ජාත්‍යන්තර ගුවන් ගමනක් නැවතූ හැටි

ගුවන් යානයක් තුළ මීයෙකු සිටීම හේතුවෙන් ගුවන් ගමනක් අතරමග නතර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

 එම ගුවන් යානය මුම්බායි සිට ලන්ඩන් බලා පියාසර කිරීමටයි නියමිතව තිබුණේ.

 කෙසේ වෙතත් ගුවන් මගීන් පිරිසක් ගුවන් යානය තුළ මීයෙකු සිටිනු දැක එ් පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් යානය යළි ගොඩබස්වා තිබෙනවා.

 මෙම සිද්ධිය වාර්තා වන්නේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින්.

 

කෙසේ වෙතත් ගුවන් යානය තුළට මීයෙකු ඇතුළු වූයේ කෙසේ දැයි සොයා මේ වන විට පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.

මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක්

පළමු වතාවට මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක් අද  ආරම්භ කෙරුණා.
මොරටුව හා පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ යහපත උදෙසා ඌව හා මධ්‍යම පළාත් මගින් මෙම සේවාව සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝ කළමනාකරු පැවසුවේ.

දිනපතා උදේ 7.15 ට මඩකලපුව ප්‍රධාන බස් නැවතුම්පොලෙන් ආරම්භ වන මෙම බසය ,වවුනතීවුල කරඩියනාරුල මහියංගනල බදුල්ල මාර්ගය ඔස්සේ මහනුවරල පේරාදෙණිය මාර්ගයේ වරකාපොළල කැළණියල වැල්ලවත්ත ඔස්සේ මොරටුවට ළඟා වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පළමු වතාවට මඩකලපුවේ සිට මොරටුවට සෘජු බස් සේවාවක් අද (01) ආරම්භ කෙරුණා. මොරටුව හා පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසුන්ගේ යහපත උදෙසා ඌව හා මධ්‍යම පළාත් මගින් මෙම සේවාව සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝ කළමනාකරු පැවසුවේ.
 
දිනපතා උදේ 7.15 ට මඩකලපුව ප්‍රධාන බස් නැවතුම්පොලෙන් ආරම්භ වන මෙම බසය වවුනතීවු, කරඩියනාරු, මහියංගන, බදුල්ල මාර්ගය ඔස්සේ මහනුවර, පේරාදෙණිය මාර්ගයේ වරකාපොළ, කැළණිය, වැල්ලවත්ත ඔස්සේ මොරටුවට ළඟා වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
- See more at: http://nethfm.com/article/92531#sthash.qcLR7SK4.dpuf

අයි.එස්. චෝදනාවලට මුස්ලිම් ඇමතිවරයෙකුගෙන් පිළිතුරු

ශ‍්‍රී ලංකාවේ කිසිදු මුස්ලිම් ජාතිකයෙකු අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය සමග සබඳතා නොපවත්වන බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවයි.



අයි.එස්. සංවිධානය සමග සබඳතා පැවැත් වූ ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉකුත් කාලසීමාවේදී තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් එම සංවිධානයට ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.


 මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අබ්දුල් හලීම් මහතා මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකාවේ කිසිදු මුස්ලිම් ජාතිකයෙකු අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය සමග සබඳතා නොපවත්වන බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවයි.
 
අයි.එස්. සංවිධානය සමග සබඳතා පැවැත් වූ ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉකුත් කාලසීමාවේදී තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් එම සංවිධානයට ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
 
මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අබ්දුල් හලීම් මහතා මේ බව කියා සිටියා. 
- See more at: http://nethfm.com/article/92558#sthash.yEWYFfK0.dpuf
ශ‍්‍රී ලංකාවේ කිසිදු මුස්ලිම් ජාතිකයෙකු අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය සමග සබඳතා නොපවත්වන බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැමුන් සිදුකරන ප‍්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවයි.
 
අයි.එස්. සංවිධානය සමග සබඳතා පැවැත් වූ ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉකුත් කාලසීමාවේදී තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් එම සංවිධානයට ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
 
මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අබ්දුල් හලීම් මහතා මේ බව කියා සිටියා. 
- See more at: http://nethfm.com/article/92558#sthash.yEWYFfK0.dpuf

පෙම්වතියගේ යට ඇඳුමත් නෑ - පෙම්වතාට තරු පෙනෙයි

කොස්ටාරිකා රාජ්‍යයේ ලා ටැගාඩා නමැති විනෝද සැණකෙළියකට සහභාගි වෙමින් සිටි තරුණ පෙම්වතුන් යුවළක දැඩි අපහසුතාවට පත්වූ වීඩි‍යෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිඛෙනවා.

එහිදී කැරකෙන මෙරිගෝවේ සිටින සිය පෙම්වතියගේ කලිසම ගැලවීයාම වළක්වා ගැනීමට පෙම්වතා දැඩි පරිශ්‍රමයක් දරන දර්ශනයක් දැක ගත හැකි වනවා. ගැස්සෙමින්, පැද්දෙමින්, ඉහළට විසිවෙමින් දැඩි වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රය තුළ තවත් පිරිසක් සිටි අතර එහි ගමන් වේගය හා ගැස්සීම හේතුවෙන් එම තරුණිය ඇඳ සිටි කලිසම ක්‍රමයෙන් ගැලවී යන අයුරු දැකගත හැකියි.

ඇය යට ඇඳුමක්ද ඇඳ නොසිටි බව විදෙස් මාධ්‍යවල සඳහන් කරනවා. මෙයින් බලවත් අසීරුතාවයට පත්වූ තරුණිය වෙනුවෙන් ඒ අසලම සිටි ඇගේ පෙම්වතා ඉදිරිපත්වී තරුණියගේ කලිසම සකස් කර ගැනීමට උදව් කරන අයුරු කැමරාවේ සටහන් වී තිඛෙනවා.වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රයේ ආරක්ෂක වැට තරුණිය විසින් දෑතින්ම අල්ලාගෙන සිටි නිසා ඇයට ඇගේ කලිසම අල්ලා ගැනීමට හැකියාවක් ලැඛෙන්නේ නෑ.

නමුත් කලිසම ගැලවී ඇගේ ශරීරය නිරාවරණය වෙමින් තිබියදී පෙම්වතා සිය පාදය උපයෝගී කරගෙන ඇය ආවරණය කිරීමට උත්සාහ ගන්නවා. කොස්ටාරිකාවේ සැප්ටෝ නැමැති සැණකෙළිය එරට අගනුවර වන සැන් ජෝස් හි සෑම වසරකම අවසානයේ දෙසැම්බර් 25 සිට ජනවාරි 3 වැනිදා දක්වා පැවැත්වෙනවා. සෑම දිනකම එම සැණකෙළියට 25,000කට අධික පිරිසක් පැමිණෙන බවද වාර්තා වනවා.





මොකද්ද මේ අමායා පපුවේ ගහපු ටැටූ එක


අමායා අධිකාරි දක්ෂ නිරූපිකාවක් උනත් ඇයව හැමදෙනාම දැන අදුන ගත්තේ අතුල අධිකාරිගේ දෙවන බිරිද ලෙසයි ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුවත් සමග තිබුන විවාහය අවසන් කරමින් අතුල අමායා අධිකාරිව විවාහ කරගත්තා කෙසේ වෙතත් පසුගියදා තොරතුරු වාර්තා වූයේ අතුල එම විවාහයද අවසන් කොට ඇති බවයි.
 අමායා දැන් නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර පසුගියදා හිරුත් එක්ක නත්තල් වැඩසටහනේදී ඇය සැරසී සිටි ගවුමට ප‍‍්‍රථම ස්ථානයද හිමිවුනා

අමායා තම පපු ප‍‍්‍රදේශයේ ටැටූ එකක් සටහන් කොටගෙන ඇති අතර එහි සටහන්ව ඇත්තේ
Only God Can Judge me  ලෙසයි. ඇයගේ හිතවතුන් පවසන්නේ, එය පුද්ගලයෙක්ට රිදෙන්නට කල දෙයක් බවයි. එය කාට හින්ට් එකක් ලෙස සටහන් කරගත් එකක්ද යන්න අමායා මේ වෙන තෙක් සදහන් කර නැහැ .