Jan 11, 2016

පොලිස් මාධ්‍ය ප්‍රකාශ ඇඹිලිපිටියේ යයි. නිවැරදි විස්තර හොයන්නලූ


පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු අතර සිදුවූ ගැටුම පිළිබඳව නිසි විස්තරයක් මාධ්‍යයට ලබා දීමේ අරමුණ ඇතිව පොලිස්

මාධ්‍ය ප්‍රකාශකවරයා අද (11දා) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වේ. මෙම සංචාරයේදී ඇඹිලිපිටිය පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන ආකාරය සහ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමටද සැලසුම් කර තිබේ.
මීට අමතරව අධිකරණ කටයුතුවලදී අදාළ සිදුවීම් පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් පත් කරන නීතිඥයන්ටද මෙම සංචාරයේදී ලබාගන්නා තොරතුරු ලබාදීමට සැලසුම් කර ඇතැයිද සඳහන් වේ

No comments:

Post a Comment