Jan 11, 2016

SEX අවුස්සන කෝපි සහ චුයිම්ගම් සමඟ 2ක් කොටු වේ


ලිංගික උත්තේජනයට යොදා ගන්නා බව කියන කෝපි පැකැට් සහ චුයිම්ගම් විශේෂයක් සමඟ ගබ්සා පෙති සහ වේදනා නාශක පෙති තොගයක් ළඟ තබාගෙන සිටියදී ඉකුත්දා (7දා) දහවල් පමුණුගම ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගෙන

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමටත් අනෙක් සැකකරු අද (11දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මීගමුව මහෙස්ත්‍රාත් ඩී. එම්. සී. එම්. ධනංසූරිය මහත්මිය නියම කළාය.
අත්අඩංගුවට ගෙන ඇති මෙම කෝපි පැකැට් තොගය සහ චුයිංගම් විශේෂය ලිංගික උත්තේජනයක් ලෙස මෙරට තුළ භාවිතයට ගන්නා බවට තොරතුරු අනාවරණය වන මුල්ම අවස්ථාව මෙය විය හැකි බවද ගම්පහ දිස්ත්‍රික් ඔෟෂධ පරීක්ෂක නීතිඥ බණ්ඩාර මහතා පැවැසීය.

හොර රහසේ වෙළෙඳපොළට යැවීම සඳහා මෙම ඔෟෂධ තොගය ළඟ තබාගෙන සිටියදී මීගමුව කොට්ඨාසයේ විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ඔෟෂධ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන නමුත් ඊට වඩා වැඩි මිලකට මේවා අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය වන බවද ආහාර හා ඔෟෂධ පාලන අධිකාරියේ නිලධාරියෙකු පැවැසීය.
ආහාර සහ ඔෟෂධ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් පරීක්ෂකවරුන් වන නීතිඥ ඩී. ආර්. ඩබ්ලිව්. බණ්ඩාර සහ ඒ. ජේ. එම් නියාස් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වැලිවිට මහතාගේ අධීක්ෂණය යටටෙත් මීගමුව මූලස්ථාන පොලිසියේ විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආනන්ද හේරත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර මෙම ඔෟෂධ තොගය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.



ගම්පහ දිස්ත්‍රික් ආහාර සහ ඔෟෂධ පරීක්ෂකවරුන් වන නීතිඥ බණ්ඩාර සහ ඒ. ජේ. එම්. නියාස් යන මහත්වරුන් නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

No comments:

Post a Comment