Jan 15, 2016

අබිලිං මාමා ආයේ කෝපි කඩේ එන්නෙ නෑ

ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද (15) අභාවප්‍රාප්ත විය. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ "අබිලින්" ලෙස ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු මිය යන විට 67 වැනි වියේ පසුවිය.

හදිසියේ රෝගාතුරවී පසුගියදා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. හොඳ ගායකයකුවූ අබිලින් වේදිකා, චිත්‍රපට හා සිනමා නිර්මාණවලට සිය කලා හැකියාවෙන් දායකත්වය ලබාදුන්නේය.

දොම්පේ දෙල්ගොඩ උපත ලද කොඩිතුවක්කු මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අතර උතුරේ රාහුල, දේශපාලුවා, සොක්කානෝ රජාණෝ, කැකිල්ලේ වැනි වේදිකා නාට්‍යවලටද රංගනයෙන් දායකවී ඇත.

No comments:

Post a Comment