කුමාර සංගක්කාරට සහ මහේල ජයවර්ධනට අයත් ලයිව් ඉවෙන්ට්ස් සමාගම විසින් සංවිධානය කරන ලද විදෙස් ගායකයා ගෙන්වූ ප්‍රසංගයේ දී මුලින් ම බොහෝ සංවාද ඇති වූයේ එහි සහභාගි වූ රසික රසිකාවන්ගේ හැසිරීම පිලිබඳව ය. එයින් පසුව එය විවේචනය කළ ජනපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව ය. එයටත් පසුව රුපියල් දෙකෝටියක් තරම් වූ බද්දක් නොගෙවූ සංගක්කාරලා එය පැහැර හැරීම පිළිබඳ ව ය.
වැදගත් ම කාරණය එය නොවේ. එකී ප්‍රසංගයට සහභාගි වූ පිරිස 8000කට අධික බව තතු දත් ආරංචි මාර්ග පවසයි. අනෙක් අතට 5000 ප්‍රවේශපත්‍ර නොව වැඩියෙන් ම විකිණී ඇත්තේ 35000 ප්‍රවේශපත් බව ද පැවසේ. ඒ 35000ට විකිණූ ප්‍රවේශපත් සඳහා අසීමිත ව විස්කි ලබා ගැනීම පහසුව ද සපයා තිබුණු නිසා යැයි කිව හැකි ය. දෙසැම්බර් මස දී මේ ගායකයා ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර පැවැත්වූ ප්‍රසංගයෙන් උපයාගෙන ඇති මුදල ඇමරිකන් ඩොලර් 557550කි. එය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 1000කට ආසන්න මුදලකි. දළ ගණන් බැලීම්වල දී පැහැදිලි වන්නේ මේ ප්‍රසංගයේ දී ද රුපියල් ලක්ෂ 1000ක් පමණවත් එන්රික් විසින් ගෙනයන්නට ඇති බව ය.
මෙරට මුදල් එලෙස පිටට යෑම, ග්‍රීසිය ගිය පාරේ වේගයෙන් ගමන් කරමින් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාවට කෙසේ බලපානවා දැයි කිසිවෙක් ප්‍රශ්න කෙරුවේ නැත. අැඟලුම් කර්මාන්තයට අමතරව මෙරට යැපෙන්නේ මැදපෙරදිගට ලේ මස් නහර විකුණා වහල්කම්කොට මවුවරුන් උපයනා මුදලිනි. ඒ ගෙන එන මුදලින් මේ පිටට ගිය මුදල සැලකිය යුතු මුදලක් නොවන්නේ යැයි කිව හැකි ද? මිතුරනි එන්න! නැව ගිලුණත් බෑන් චූන් දමමු!!
No comments:
Post a Comment