Jan 14, 2016

අනුරාධපුරයෙ සිට ලිපි අරන් පරවියන් 13ක් පැය දෙකෙන් කොළඹට

පුරාතන ලිපි හුවමාරු ක්‍රම සිහිගන්වමින් පරවියකු මාර්ගයෙන් පැය දෙකයි විනාඩි පහළොවක් තුළ අනුරාධපුරයේ සිට ඊයේ (13) කොළඹට ලිපියක් එවා ඇත.ලිපි හුවමාරුවට පක්ෂීන් යොදාගැනීම සම්බන්ධව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ පැවැත්වීමට සමගාමීව මෙම ලිපි හුවමාරුව සිදුව තිබේ.

පරවියන් 13 දෙනෙකු යොදාගෙන විදුහල්පතිවරයා හා පාසල් දරුවන් විසින් කොළ කෑල්ලක සටහන් කරනු ලැබූ රහස් ප‚වුඩයක් පරවියන්ගේ එක් පාදයක ගැටගසා ඉහළ අහසට මුදා හැරි‚.

එම ප‚වුඩ පරීක්ෂා කර බැලීම සඳහා අනුරාධපුරයේ පදිංචි කසුන් නලින්ද මහතා පසුගිය 10දා වත්තල ප්‍රදේශයට පිටත්ව ගොස් තිබු‚.

අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටින් ඊයේ (13) පෙරවරු 8.26ට මුදාහරින ලැබූ පරවියන් පෙ.ව.10.45 වන විට වත්තල හැදල හන්දිය ප්‍රදේශයට පැමි‚ බවත්, පාසල් ළමුන් හා විදුහල්පතිවරයා එක්ව එවනු ලැබූ රහස් ප‚වුඩය ලැබුණු බව එහි ගිය කසුන් නලින්ද මහතා දුරකථන මාර්ගයෙන් පැවැසීය. පක්ෂීන් කිලෝ මීටර් 200කට ආසන්න දුරක් පැය 2යි විනාඩි 15ක් වැනි කාලයකදී ගමන් කිරීම පිළිබඳව දරුවන් මෙන්ම වැඩිහිටියෝද මවිතයට පත්වූහ.

වැඩසටහන සංවිධානය කළ වත්තල ප්‍රදේශයේ පදිංචි එම්. ලැනරෝල් මහතා මෙසේ පැවැසීය. මා විනෝදාංශය ලෙස කුඩා කළ සිට පරවියන් ඇති කරනවා. අද මා මෙවැනි වැඩසටහනක් අනුරාධපුර පාසලකදී පැවැත්වූයේ පාසල් ළමුන්ට අතීතයේ සතුන් මාර්ගයෙන් ප‚වුඩයක් යැවීමේ ක්‍රමයක් තිබූ බව පෙන්වීමටත් මා ඇති කරගන්න පරවියන්ගේ මතක ශක්තිය පරීක්ෂා කර බැලීමටත් යන කරුණු මුල් කරගෙනයි.

රටේ සාමය සංකේතවත් කිරීම සඳහාත් උතුරේ හා දකුණේ සමගිය තවත් වර්ධනය කිරීමටත් උතුරේ සිට පරවියකු හරහා ප‚වුඩයක් දකුණට එවීමට ඉදිරියේදී මා බලා‍පොරොත්තු වනවා යැයි ලැනරෝල් මහතා පැවැසීය. 

No comments:

Post a Comment